දේශීය පුවත්

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගොඩගම කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ජල හිඟය නිසා සිසුන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවයට පත්ව සිටිති. මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් 70ක් අධ්‍යාපනය ලබයි. විද්‍යාලයේ ඇති එකම ළිඳට මේ වනවිට සිදී ගොස්ය. දැනට දරුවන්ට බොන්න ජලය ගෙන එන්නේ ඔවුන්ගේ නිවෙස්වලින්. ගොඩගම ගොඩගංවෙල යන ගම්මානවලද ජලය නොමැත.

සිසුන් විදුහල බිමේ ඇති මල් පැළවලට මෙන් පලතුරු පැලවලටද ජලය නොමැත. සිසුන්ට හෝ ගුරුවරුන්ට වැසිකිළි යාමටවත් ජලය නොමැත. ගොඩගම කනිෂ්ඨ විද්‍යාලය අසල ගොඩගම වැව පිහිටා ඇත. වැවේද ජලය නොමැත. දෙමාපියන් සමග එක්ව වැවේ කපාගත් ළිංවලින් පාස‍ලේ අවශ්‍යතා සඳහා සිසුන් ගුරුවරුන් සමග ගොස් බාල්දිවලට ජලය ගෙන එයි. එම ළිංවල ජලය බිමට සුදුසු නැත.

පාස‍ලේ ජල ටැංකි දෙකක් ඇත. කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයෙන් මෙන්ම කුලියාපිටිය ප්‍රාදේශීය සභාවෙන් ජල බවුසරවලින් ජලය ආවත් එය සිදුවන්නේත් දින ගණනාවකට වරකි.

සිසුන් 70ක් සහ ගුරුවරුන් 14 දෙනකු සිටින මෙම පාසලට අවශ්‍ය පානීය ජලය ලබාදෙන ලෙස කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දුන්නත් මතෛක් ජලය ලැබි නැතැයි සිසුහු පවසති.අපේ විදුහලට තව ළිඳක් හදල දෙනවනම් හොඳයි දැනට දරුවන් වැසිකිළි යන්න පවා ජලය ගේන්නේ වැවේ කපාගෙන තියෙන ළිංවලින් ඒ නිසා මේ විදුහලට රජයෙන් හෝ දානපති මහත්මයෙක් වත් ඉදිරිපත් වෙලා නල ළිඳක්වත් හදල දෙන්නයි කාරුණිකව ඉල්ලනවා යැයි විදුහ‍ලේ ගුරුවරු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More