ව්‍යාපාරික පුවත්

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ බෝග වර්ග 36 ක් සඳහා රුපියල් ලක්‍ෂ 5 ක් දක්වා ණය මුදල් ලබා දීමට පියවර ගැනෙනවා. 4% ක පොළී අනුපාතයකට අනුව මෙය ගෙවනු ලබන්නේ රාජ්‍ය බැංකු මගිනුයි.

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන ණය ආපසු ගෙවීමේ කාලය මාස 9 ක් බවයි අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරන්නේ. වී,  මිරිස්,  ළූණු,  කව්පි,  මුංඇට,  උඳු,  සෝයා සහ කුරක්කන් යන බෝග සඳහා මෙම ණය මුදල් හිමිවනවා. එමෙන්ම බඩඉරිඟු,  රටකජු,  තල,  සූරියකාන්ත,  අල,  බතල,  මඤ්ඤොක්කා හා කිරිඅල බෝග වෙනුවෙන් ද මෙම මුදල් ලබා දීමට නියමිතයි.

එළවළු,  වම්බටු,  බණ්ඩක්කා,  බීට්,  බෝංචි, ගෝවා,  කැරට්,  මාළුමිරිස්, තක්කාලි,  ලීක්ස්, රාබු, නෝකෝල්,  කරවිල,  පතෝල,  වට්ටක්කා,  වැටකොලු,  ඉඟුරු,  උක් සඳහා ද සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ මුදල් හිමිවන බව අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කරනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සෞභාග්‍යා ගෙවතු වැඩසටහන සඳහා එක් ගෙවත්තකට මෙම බෝග වගාව සඳහා රුපියල් හතළිස්දහසක උපරිමයකට යටත්ව සියයට 4 ක පොළියකට රාජ්‍ය බැංකු මගින් ණය ලබා දීමට මහ බැංකු අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා රජයෙන් ගෙවනු ලබන ණය සහනාධාරය සියයට 5 ක් වන අතර ණය ලබන්නාගේ පොළිය සියයට 4 ක් වන බවයි අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More