ශ්‍රී ලංකාවේ මුළු එතනෝල් අවශ්‍යතාව දේශීයව සම්පූර්ණ කිරීමට මෙරට සමාගම් සමත්ව තිබේ.
එතනෝල් දේශීයව නිෂ්පාදනය පුළුල්කිරීමට පියවර ගැනුණේ එතනෝල් ආනයනය ජනවාරි පළමු වැනිදා දින සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණයට අනුවයි.
බොරතෙල්වල අතුරු ඵලයක් ලෙස නිපදවෙන එතනෝල් – උක් සහ බඩ ඉරිඟු අමුද්‍රව්‍ය කරගනිමින්ද නිෂ්පාදනය කෙරෙයි.
ප්‍රධාන වශයෙන් මධ්‍යසාර නිපදවීම සඳහා එතනෝල් යොදා ගැනුණත් විෂබීජහරණ ද්‍රව්‍ය , ජීවානුහරණ ද්‍රව්‍ය , තීන්ත , රූපලාවන්‍ය නිෂ්පාදන , සුවඳ විලවුන් ආදිය නිෂ්පාදනය සඳහාද එතනොල් යොදා ගැනෙයි.
ලීටර් මිලියන 36 ක් වූ මෙරට වාර්ෂික එතනොල් අවශ්‍යතාවයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් කල් විදෙස් රටවලින් ආනයනය කෙරුණු අතර 2019 වසරේ පමණක් ඊට ශ්‍රී ලංකාව දැරූ වියදම රුපියල් මිලියන විසිදහසක්.
එහෙත් වංචනිකව එතනෝල් ආනයනය කිරීම නැවැත්වීමේ සහ එම විදේශ විනිමය ඉතිරි කර ගනිමින් අවශ්‍ය ධාරිතාව දේශීයව සපයා ගැනීමේ අරමුණ ඇතිව ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට රජය පියවර ගත්තේය.
එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුනක් ඇතුළත ශ්‍රී ලංකාවට අවශ්‍ය මුළු එතනෝල් නිෂ්පාදනය සැපයීමටත් එම සමාගම් සමත්වී තිබේ.
මෙතෙක් කල් එතනෝල් විශාල ප්‍රමාණයක් විදෙස් රටවලින් ආනයනය කර ඇත්තේත් , වංචනිකව මෙරටට ගෙන්වා ඇත්තේත් අවශ්‍ය මුළු ධාරිතාව දේශියව සපයා ගත හැකිව තිබූ පසුබිමකයි.
ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා තීන්දු ගැනීමෙත් , අදාල සමාගම් නිසි පරිදි සම්පත් කළමනාකරණයෙත් ප්‍රතිඵලයක් ලෙස විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කරගත හැකි වූවා සේම මෙවන් අනෙකුත් නිෂ්පාදන රැසක්ද දේශීයව සපයාගැනීමේ වැඩපිළිවෙළකට යා හැකිනම් එය රටට ආර්ථික වශයෙන් නැගී සීමටද පිටුබලයක් වනු නොඅනුමානයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...