දේශීය පුවත්

කළුතර දිස්ත්‍රික්කයට ඉකුත් 2017 වසරේ ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට වියළි ආහාර සහ පිසූ ආහාර ලබාදීමේදී රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් කර ඇති කළුතර ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් රැසක් සහ එම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ ප්‍රධානීන් කිහිප දෙනකුට එරහිව රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම නිලධාරීන් විසින් ගසා කා ඇති මුදල් ප්‍රමාණය කොපමණදැයි මේ වනවිට ගනණය කරමින් සිටින බව රජයේ ප්‍රධානියකු පැවැසීය.
විගණන දෙපාර්තමේන්තුව විසින් මෙම මූල්‍ය වංචාව අනාවරණය කරගෙන ඇති අතර පසුව මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන ලෙස විගණන දෙපාර්තමේන්තුව කළුතර දිස්ත්‍රික් ‍ලේකම්වයා වෙත දන්වා ඇත. ඉන්පසු කළුතර අතිරේක දිස්ත්‍රික් ‍ලේකම්වරයකු විසින් මේ පිළිබඳව විමර්ශනයක් පවත්වා තිබේ.

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සමුපකාර හා සතොස අලෙවි සල්වලින් වියළි ආහාර සහ ප්‍රාදේශීය ‍ලේකම් බල ප්‍රදේශ ආවරණය වන පරිදි සහන මධ්‍යස්ථානයක ආහාර පිස එම ජනතාව වෙත ලබාදීමට තීරණය වී තිබේ. එසේ වුවත් අදාළ ග්‍රාමසේවකවරුන් පිරිස සමුපකාර හා සතොස අලෙවි සල්වලින් තොරව පෞද්ගලික අලෙවි සල්වලින් වියළි ආහාර ලබාගෙන ජනතාවට බෙදා දී තිබේ. තවද පෞද්ගලික ආපන ශාලාවලින් පිසූ ආහාර ලබාගෙන විපතට පත් ජනතාවට ලබාදී ඇති අතර මෙම ගනුදෙනු සඳහා ව්‍යාජ බිල්පත් සකසා කළුතර ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇත. එහිදී අදාළ බිල්පත් සඳහා කළුතර ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ ප්‍රධානීහු කිසිදු වග විභාගයකින් තොරව මුදල් හා චෙක්පත් නිකුත් කර තිබේ. තවද මෙහිදී ඇතැම් ග්‍රාමසේවකරුන්ගේ නමටම චෙක්පත් ලියා ඇති බවද වාර්තා වේ.

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී ග්‍රාමසේවක මහත්වරුන් සඳහා අත්තිකාරම් මුදලක් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවලින් ලබාදෙන නමුත් මෙම ග්‍රාමසේවකවරුන් අදාළ අත්තිකාරම් මුදල් ලබාගෙන නොමැති බවද වාර්තා වේ.

මෙම මූල්‍ය වංචාව පිළිබඳව මූලික විමර්ශනය කළ කළුතර අතිරේක දිස්ත්‍රික් ‍ලේකම්වරයා විසින් අදාළ අක්‍රමිකතාවට එරෙහිව ග්‍රාමසේවක මහත්වරුන්ට හා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ මීට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව දිය යුතු දඬුවම්ද යෝජනා කරමින් විමර්ශනයේ වාර්තාව නිකුත් කර ඇති බවද ස්වදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයකු කීවේය.

නමුත් අදාළ ප්‍රාදේශීය ‍ලේකම්වරයා විසින් ග්‍රාමසේවකවරුන් හා නිලධාරින් කිහිප දෙනකු සම්බන්ධ මෙම වංචාවට දඬුවම් ලෙස වැඩි වශයෙන් යෝජනා කර ඇත්තේ අවවාද කිරීම, කොට්ඨාසයෙන් මාරු කිරීම, කර ඇති මූල්‍ය වංචාවේ ප්‍රමාණයෙන් සියයට 20 ක් අයකර ගැනීම වැනි සුළු දඬුවම් බවද රජයේ ප්‍රධානියකු පැවැසීය.

මේ නිසා අතිරේක දිස්ත්‍රික් ‍ලේකම්වරයාගේ විමර්ශන වාර්තාව වෙනුවට මෙම වංචාව පිළිබඳව රජයේ ප්‍රධානීන් කිහිප දෙනකුගේ අධීක්ෂණය යටතේ නව විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More