අතීතයේ මුහුද ගොඩ ගැලූ සිද්ධීන් පිළිබඳ විස්තර ඉතිහාස පොතපතින් කියවා තිබුණද, අපේ ජීවිත කාලය තුළ එවන් අකරතැබ්බයකට සැබෑවටම මුහුණ දීමට සිදුවනු ඇතැයි කිසිසේත් අපේක්‍ෂා නොකළෙමු. එහෙත්, අනපේක්‍ෂිත ලෙස, 2004 දෙසැම්බර් 26 දින ලෝ පුරා මුහුද ගොඩ ගලමින් මහා විනාශයක් කළේය. එයාකාරයටම, මෙතෙක් නොඇසූ නොවිරූ දරුණු වසංගතයක් ලෝකය පුරා පැතිරී ඉමහත් විනාශයක් කරනු ඇති බවට අනාවැකි පළවූයේ මීට දශක ගණනාවකට පෙරාතුවය. නිදසුනක් ලෙස, ඞීන් කූන්ට්ස් නමැත්තෙකු විසින් 1981දී ලියන ලද, ‘ද අයිස් ඔෆ් ඩාර්ක්නස්’ (The Eyes of Darkness) නමැති ග‍්‍රන්ථයේ, මෙම වසංගතය හරියටම 2020දී ලෝකය පුරා පැතිරෙන බවට පුරෝකථනය කර තිබීම පුදුමය දනවන සුලූය. එපමණක් නොව, මෙබඳු වසංගත අළලා බටහිර චිත‍්‍රපට කිහිපයක්ම නිර්මාණය වී ඇත්තේය. එහෙත්, අපේ ජීවිත කාලය තුළ මෙවන් වසංගතයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කිසිසේත් අපේක්‍ෂා නොකළෙමු. අඩුම තරමින්, පසුගිය නොවැම්බරයේ චීනයේ වූහාන් නගරය තුළ මෙම නව කොරෝනා වෛරසය පැතිරෙන්නට පටන් ගත් අවස්ථාවේ පවා, මෙය මෙතරම් බරපතළ වසංගතයක් බවට පත්වනු ඇතැයි අපේක්‍ෂා නොකළෙමු.
කෙසේ වුවද, මේ වන විට, කොරෝනා මාරයා ලෝකයේ රටවල් වැඩි හරියක් ආක‍්‍රමණය කොට හමාරය. ගෙවී ගිය මාසයක පමණ කාලය තුළ, ලාංකේය රජය, සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ හා අනෙකුත් අදාළ ආයතන එක්කොට, විධිමත් වැඩපිළිවෙලක් දියත් කොට ඇත්තේය. සියල්ල සතුටුදායක යැයි කියන්නට තවම කල් වැඩි වුවද, ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට ලාංකේය රජය කොරෝනා වසංගතයට එරෙහිව දියත් කොට ඇති සංග‍්‍රාමය සතුටුදායක තත්ත්වයක පවතින්නේය. මේ සඳහා දිවා ? නොබලා වෙහෙසෙන සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල සියලූම දෙනාට කාගේත් ප‍්‍රශංසාව හා ගෞරවය හිමිවිය යුතුමය.
මීළඟ සති දෙක තුනද තීරණාත්මක බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වන අතර, එම කාලය තුළදීද කොරෝනා මර්ධන වැඩපිළිවෙලට ජනතාවගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය වන්නේය. ශාරීරික (කායික) දුරස්ථභාවය රකිමින් නිවසට වී සිටිනා ලෙසට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් බහුතරයක් විසින් පිළිපදිනු ලැබුවද, සුළු පිරිසක් නූගත් බිහිරන් ලෙස වගකීම් විරහිතව හැසිරීම කනගාටුදායකය. ඇඳිරි නීති කඩකිරීම් හේතුවෙන් අත්අඩංගුවට පත්වූ සංඛ්‍යාව (මෙම ලිපිය ලියන විට) 25,000 ඉක්මවා ඇත්තේ ඒ නිසාය. කොවිඞ් 19 වෛරසය ආසාදිතයන්ගේ ගණන 200 ඉක්මවා යන විට, ඊට සමගාමීව ඇඳිරි නීති කඩකිරීම් හේතුවෙන් අත්අඩංගුවට පත්වූ පිරිස ඊට වඩා සිය ගුණයකින් වැඩිවී ඇත්තේ එම පිරිසගේ වගකීම් විරහිත හැසිරීම් රටාව නිසාය. වත්මන් වසංගතයේ බැ?රුම්කම ඇතමෙකු තවමත් හරිහැටි තේරුම් ගෙන නැති බව ආරක්‍ෂක අංශ පුන පුනා අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය. ඊළඟ සති කිහිපය තුළදීද, නිවෙස් තුළ රැුඳෙමින් අතේ දුරින් සිටිනා ලෙස සෞඛ්‍ය බලධාරීන් පුන පුනා අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය.
කොරෝනා මර්ධන මෙහෙයුමේ නියුතු සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවලට පමණක් නොව, රටේත් සමාජයේත් සියලූම ක්‍ෂේත‍්‍රවලට මෙම වසංගතය අභියෝග රැුසක් එල්ල කොට ඇත්තේය. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය ඒ අතර මුල් තැනට එන අතර, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය පසුබෑමකට ලක්නොවී අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරනු ලැබුවේ ඒ නිසාය. ඒ වෙනුවෙන් නිකුත් කෙරණු අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි, වර්තමාන වාතාවරණය තුළ දුරස්ථ අධ්‍යාපන සංකල්පය යටතේ සිසුන්ගේ අධ්‍යාපන ක‍්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ක‍්‍රමෝපායන් හඳුන්වාදීම හා කි‍්‍රයාත්මක කිරීම ජනාධිපති කාර්ය සාධක බලකායේ එක් කාර්යයක් වන්නේය. වෘත්තීය හා නිපුණතා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා ගතහැකි ක‍්‍රියාමාර්ග හඳුනාගෙන එමගින් රැුකියා වෙළඳපල වෙත යොමු කළ හැකි නිපුණතා ප‍්‍රවර්ධනය කිරීමට ක‍්‍රමවේද හඳුන්වාදීම හා කි‍්‍රයාත්මක කිරීම ජනාධිපති කාර්ය සාධක බලකායේ තවත් කාර්යයක් වන්නේය. මෙම පසුබිම තුළ, පොදුවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළත්, විශේෂයෙන් විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රය තුළත් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ කතිකාවක් ආරම්භ වී ඇත්තේය. අපේ අදහස අනුව නම්, මෙය ඉතා සාධනීය ප‍්‍රවණතාවයකි.
ලාංකේය අධ්‍යාපන රටාව, විශේෂයෙන් ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලිය හුදෙක් ගුරු කේන්ද්‍රීය හා විභාග කේන්ද්‍රීය එකක් වන හෙයින්, ඉන් බැහැර වී ශිෂ්‍ය කේන්ද්‍රීය ක‍්‍රමයකට යොමු විය යුතු බවට කතිකාවක් දියත්ව තිබෙන්නේ දැන් බොහෝ කාලයක සිටය. අපේ රට තුළ ක‍්‍රියාත්මක අධ්‍යාපන ක‍්‍රමවේද හරහා බිහිවන වැඩි පිරිසක් (සියල්ලන්ම නොවේ!) කටපාඩම් කිරීමට ඇබ්බැහි වූ ගිරාපෝතකයන් වන බවටත්, අලූතින් හිතන්නට පුරුදු වූ නිර්මාණශීලී උදවියගේ බිහිවීම අඩු බවටත් චෝදනා එල්ල වන්නේ දැන් බොහෝ කාලයක සිටය. යටකී පරිදි, වත්මන් වාතාවරණය හමුවේ මෙම සංවාදයට උත්තේජනයක් ලැබීම සාධනීය ප‍්‍රවණතාවයකි.
ගුරු කේන්ද්‍රීය ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලිය තුළ, ගුරුවරයාගෙන් ශිෂ්‍යයා වෙත (එක් දිශාවකට) දැනුම සම්පේ‍්‍රෂණය වනු විනා, ශිෂ්‍යයා ස්වයං ඉගෙනීමට යොමුවීමේ ඉඩකඩ සීමිත වන්නේය. දැනුම සොයා යාමට සිසුවා උනන්දු කරවීමක් සිදු නොවන්නේය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව තුළද ඊට නොදෙවෙනි හානියක් සිදුවන්නේය. වර්තමානයේ, ලාංකේය පාසල් අධ්‍යාපනය තුළත් සරසවි අධ්‍යාපනය තුළත් බොහෝ ගුරුවරුන්ගේත් ශිෂ්‍යයන්ගේත් ප‍්‍රධාන ඉලක්කය වී ඇත්තේ විභාග සමත්වීමයි. ඒ සඳහා හැකිතාක් තොරතුරු මතකයේ ගබඩා කරගැනීම කාගේත් ඉලක්කය වී ඇත්තේය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව තුළ ඇගයීම් ක‍්‍රමවේදද සීමිත වන අතර, ශ්‍රී ලංකාවේ බොහෝ ඇගයීම් ලිඛිත පරීක්‍ෂණවලට පමණක් සීමාවන්නේය. අපේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ වාචික ඇගයීම් කෙරෙන්නේ ඉතා කලාතුරකිනි. ඉහත කී පරිදි, මෙබඳු පසුබිමක් තුළ, කටපාඩම් කිරීමට ඇබ්බැහි වූ ගිරාපෝතකයන් විශාල පිරිසක් බිහිවීම වලක්වාලිය නොහැකිය.
වර්තමාන ලෝකයේ අධ්‍යාපනඥයන්ගේ පොදු පිළිගැනීම වන්නේ, පාසල් අධ්‍යාපනයෙන් මෙන්ම උසස් අධ්‍යාපනයෙන්ද නිසි ඵල නෙලාගැනීමට නම්, ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලිය විවිධ ක‍්‍රමවේදවල එකතුවක් විය යුතු බවය. සම්මිශ‍්‍රිත අධ්‍යයනය (Blended Learning) නමින් හැඳින්වෙන මෙම ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලියට, මුහුණට මුහුණ ලා කෙරෙන දේශන (පාසලේ නම් පන්ති කාමර පාඩම්) සහ ප‍්‍රායෝගික (විද්‍යාගාර) පන්තිවලට අමතරව, ක්‍ෂේත‍්‍ර අධ්‍යයන සහ පැවරුම්ද ඇතුළත් විය යුතුය. පැවරුම් සහ ව්‍යාපෘති හරහා ශිෂ්‍යයා ස්වයං අධ්‍යයනයට නිරන්තරයෙන්ම පෙළඹෙන්නේය. මේ හැරුණු කොට, දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදද ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලියට ඇතුළත් විය යුතුය. දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද අතර, අන්තර්ජාලය පදනම් කරගත් ඉගෙනුම් ක‍්‍රියාදාමය වර්තමාන ලෝකයේ බහුලව ව්‍යාප්තව තිබෙන්නකි.
ඊට සමගාමීව, ඇගයීම් ක‍්‍රියාවලියද විවිධ ක‍්‍රමවේදවල සම්මිශ‍්‍රණයක් විය යුතුය. මේ සඳහා ලිඛිත පරීක්‍ෂණවලට අමතරව වාචික ඇගයීම් පැවැත්වීම අනිවාර්ය අවශ්‍යතාවයකි. ප‍්‍රමාණවත් පරිදි පැවරුම් සහ ව්‍යාපෘති සඳහා ශිෂ්‍යයා යොමුකොට, ඔහු ඒවායේ ප‍්‍රතිඵල ඉදිරිපත් කරනා ආකාරය ඇගයීමට ලක්කිරීමද අනිවාර්ය අවශ්‍යතාවයකි. මෙවන් සම්මිශ‍්‍රිත ඇගයීම් ක‍්‍රියාවලියක් හරහා ශිෂ්‍යයාගේ මතක ශක්තිය පමණක් නොව අනෙකුත් අත්‍යවශ්‍ය නිපුණතාද ඇගයීමට ලක්වන්නේය. කණ්ඩායම් කි‍්‍රයාකාරිත්‍වය, නායකත්‍ව ලක්‍ෂණ, ඉදිරිපත් කිරීමේ හැකියාව වැනි වර්තමාන වැඩ ලෝකයට අවශ්‍ය නිපුණතාද ඇගයීමට ලක්වන්නේය.
මෙම පසුබිම තුළ, පොදුවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළත්, විශේෂයෙන් විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රය තුළත් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ පුළුල් කතිකාවක් ආරම්භ වී ඇත්තේය. කොරෝනා වසංගතය බඳු හදිසි අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීම සඳහා, එවන් අවස්ථාවන්හිදී සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා, සම්මිශ‍්‍රිත අධ්‍යාපන ක‍්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාවය පිළිබඳව පුළුල් සංවාදයක් ආරම්භ වී ඇත්තේය. මාර්ගගත අධ්‍යයනය (Online Learning) ඇතුළු අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපන ක‍්‍රමවේද ගැන මේ වන විට විශේෂ අවධානයක් යොමුව ඇත්තේය. කොරෝනා වසංගතය හමුවේ බොහෝ දෙනෙකු දැඩි පීඩනයකට හා ආතතියකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, මෙවන් සංවාද කෙතරම් කාලෝචිතදැයි ඇතමෙකු ප‍්‍රශ්න කළද, අපගේ අදහස අනුව නම්, ලාංකේය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡුා කිරීමට මෙය අනගි අවස්ථාවක් වන්නේය.
අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපනය ඇතුළු දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේද ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියට අලූත් දෙයක් නොවන අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට මේ සම්බන්ධව දශක හතරකට වැඩි අත්දැකීම් ඇත්තේය. එපමණක් නොව, රාජ්‍ය විශ්වවිද්‍යාල හැමෙකකම පාහේ දුරස්ථ අධ්‍යාපන ඒකක ක‍්‍රියාත්මක වන අතර, ඒ හරහා විවිධ බාහිර උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වෙන්නේය. ඒ හැම පාඨමාලාවකම, දුරස්ථ අධ්‍යාපනය (Distance Learning) ඇතුළු සම්මිශ‍්‍රිත අධ්‍යාපන (Blended Learning) ක‍්‍රමවේද යොදා ගැනෙන්නේය. ඒ හරහා ලබා ඇති අත්දැකීම්, අභ්‍යන්තර පූර්ණකාලීන උපාධි පාඨමාලා සඳහා භාවිත කළ හැකි ආකාරය සොයා බැලිය යුතුය.
අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට මූලික කරුණු තුනක් සම්පූර්ණ විය යුතුය. පළමුව, විධිමත් ‘අධ්‍යයන කළමනාකරණ පද්ධතියක්’ (Learning Management System – LMS) තිබිය යුතුය. දෙවනුව, වේගවත් අන්තර්ජාල පහසුකම්ද ඇතුළු ප‍්‍රමාණවත් යටිතල පහසුකම් අදාළ ආයතනය (විශ්වවිද්‍යාලය* සතුව තිබිය යුතුය. තුන්වැනි, වඩාත් වැදගත්ම කාරණය වන්නේ, අන්තර්ජාලයට පිවිසීමට උපකරණයක් (ස්මාර්ට් දුරකතනයක් හෝ පරිගණයක්* සහ අන්තර්ජාල ප‍්‍රවේශ පහසුකම් සිසුන් සතුව තිබීමයි. දැනට කෙරී ඇති සමීක්‍ෂණවලට අනුව, විශ්වවිද්‍යාල අභ්‍යන්තර සිසුන්ගෙන් සියයට 10-15 අතර පිරිසකට අන්තර්ජාල පහසුකම් නොමැත. (මෙය දළ ඇගයීමක් වන අතර, මේ වන විට බොහෝ විශ්වවිද්‍යාලවල මේ පිළිබඳ සමීක්‍ෂණ සිදුවෙමින් පවතී.* මෙය එතරම් සතුටුදායක තත්ත්වයක් නොවන අතර, අභ්‍යන්තර උපාධි පාඨමාලා සඳහා මාර්ගගත අධ්‍යයන ක‍්‍රමවේද හඳුන්වාදීමට කලියෙන් මෙම ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය.
කෙසේ වුවද, දැනටමත් බොහෝ විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර උපාධි පාඨමාලා සඳහා අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපනය ඇතුළු සම්මිශ‍්‍රිත අධ්‍යාපන ක‍්‍රමවේද හඳුන්වාදීමේ කටයුතු සිදුවෙමින් පවතින්නේය. විශ්වවිද්‍යාල හැමෙකකම පාහේ නවෝත්පාදන කටයුතුවලට ලොකු උත්තේජනයක් ලැබී තිබෙන්නේය. අන්තර්ජාලය පදනම් කරගෙන, දුරස්ථ රැුස්වීම්, සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ පැවැත්වෙන්නේය. එනම්, දැනටමත් සරසවි ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලිය වෙනස්වෙමින් පවතින්නේය. මේ සියල්ල, කොරෝනා වසංගතය නමැති අඳුරු වලාව බිඳගෙන මතුවන රිදී රේඛාවන්ය.
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...