විදේශ පුවත්

ඉන්දියාවේ ක්‍රියාත්මක අමෙරිකානු රජයේ සෘජු මැදිහත් වීම යටතේ කටයුතු කරන ලබන ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසම( US Commission for International Religious Freedom – USCIRF) ඉන්දීය සෞඛ්‍ය අංශ ඉස්ලාම් භක්තිකයන් හට වෙනස් කොට සලකමින් ඉන්දියානු රෝහල් තුළ කටයුතු කරන බවට චෝදනා කරයි.

ඔවුන් ඉන්දියානු රජයට සෘජුවම චෝදනා කරමින් පවසන්නේ රෝහල් තුළදි COVID-19 වෛරසය ආසාදනයට ලක්ව ඇති ඉන්දීය ඉස්ලාම් භක්තිකයා ගර්හාවට ලක් කරන බවයි. මේ සම්බ්න්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ඉන්දීය විදේශ සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන අනුරාග් ශ්‍රීවස්ට්‍රාවා මහතා, ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසමට පවසා සිටියේ COVID-19 වෛරසය ආසාදනය වූවන් සුවපත් කරමින් සිටින ඉන්දීය සෞඛ්‍යය අංශ අපහසුතාවයට ලක් කරන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින ලෙසයි.

තවද  ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසම නිකුත් කර ඇති වාර්තාවෙන් සෘජුවම චෝදනාවට ලක්වන ගුජරාට ප්‍රාන්ත ආන්ඩුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අනුරාග් මහතා ප්‍රකාශ කරන්නේ ගුජරාට් ප්‍රාන්තයේ  කිසිම සිවිල් රෝහලක  වෛරසය ආසාදනය වු කුමන හෝ ආගමක් අදහන්නෙකු  කිසිදු ආකාරයකින් ගර්හාවට ලක්වන ක්‍රියාමාර්ග ගෙන නැති බවයි.

ඒ අනුව ඉන්දියාව COVID-19 වෛරසය මර්ධනයේදී ගන්නා ක්‍රියාමාර්ග වලට කිසිදු ආකාරයක ආගමික හෝ වාර්ගික මුහුණුවරක් ලබාදීමට කටයුතු නොකිරීමට  වග බලාගන්නා ලෙස  ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳවූ අමෙරිකානු කොමිසම වෙත දැඩිව අවධාරණය කරන බවද අනුරාග් මහතා ප්‍රකාශ කර සිටී.

ජීවන්ත ජයතිස්ස

(අමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානවල හැසිරීම සම්බන්ධව ලියන ලද ලිපිය ” COVID-19 සාර්ථකව මර්ධනය කරමින් සිටින ඉන්දියාවට අමෙරිකාවෙන් බාධා! මී ළඟ බිල්ල ලංකාවද ? ” ලෙස පුරවැසි කොලමේ පළවේ. පහතින් පිවිසෙන්න.)

COVID-19 සාර්ථකව මර්ධනය කරමින් සිටින ඉන්දියාවට අමෙරිකාවෙන් බාධා! මී ළඟ බිල්ල ලංකාවද ?

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More