දේශීය පුවත්

අප්‍රේල් 21 වනදා ආරම්භවීමට නියමිතව තිබූ දෙවන පාසල් වාරය මැයි මස 11වන දින නැවත ආරම්භ කරන බව පසුගියදා මාධ්‍ය අමතමින් ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණා.

නමුත් ලබන මස 11වනදා නැවත පාසල් ආරම්භ නොකරන ලෙස අපේ රටේ සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් වන මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.ඒ ඊයේ උන් වහන්සේගේ ෆේස්බුක් පිටුවට වීඩියෝවක් නිකුත් කරමිනි.

උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ තවමත් අපේ රටේ මෙම කොරෝනා උපදුර 100% පහව ගොස් නැති නිසා පාසල් ආරම්භ කිරීම යෝග්‍ය නොවන බවයි.මන්ද පාසල් ළමුන් සියලු දෙනා එක ලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන බවත් එක් පුද්ගලයෙකුට හෝ මෙම වෛරසය ආසාදනය වී තිබුණහොත් එක පාසල් දරුවන් අතර ව්‍යාප්තවීමට පහසුවෙන් සිදුවීමට ඉඩ ඇති බවයි.

අනෙකුත් ක්‍රියා සම්වන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත්,රට විවෘත කරනවද නැද්ද යන්න රජයට තීරණය කළ හැකි බවත් උන්වහන්සේ කියා සිටී.නමුත් මැයි 11 වන දින පාසල් විවෘත නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දිගින් දිගටම මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ ඉල්ලා සිටී.

එම වීඩියෝව පහතින්,

Gepostet von බුද්ධ පුතුන් buddha puthun am Montag, 13. April 2020

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More