විදේශ පුවත්

එක්සත් ජනපදයේ Theodore Roosevelt නාවිකයන් ගෙන් 60%කට රෝග ලක්ෂණ නෑ!

එක්සත් ජනපදයේ Theodore Roosevelt නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ COVID19 වෛරස ආසාදනය පිලිබඳ දත්ත පෙන්ටගනය විසින් සුගිය දා ප්‍රකාශයට පත් කරන ලදී.

මෙහිදී 4.8 දහසක් නාවිකයන් පරීක්ෂණයට ලක්කරනු ලැබූ අතර, ඔවුන්ගෙන් 600 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ආසාදිත සංඛ්‍යාවෙන් 60% ක් තුළ වෛරසයට අදාළ රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙම රෝග ලක්ෂණ නොමැති ප්‍රතිශතය 25%-50% අතර ප්‍රමාණයක් විය හැකි බවට, මීට පෙර එක්සත් ජනපදයෙ බෝවන රෝග පිළිබඳ විශේෂඥයන් විසින් ප්‍රකාශ කර තිබුණි. පෙන්ටගනයේ ප්‍රධාන විධායක, එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් Mark Esper මෙම ප්‍රතිඵලය පිළිබඳව තමා පුදුමයට පත්වන බවත්, විශාල පිරිසකට රෝගය නොවැලඳී, වාහකයන් විය හැකි බවත් ප්‍රකාශ කරන ලදී.

මෙලෙස රෝග ලක්ෂණ නොපෙන්වන COVID19 ආසාදිතයන්, සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් වන අතර ඔවුන් වාහකයන් වන බැවින් වෛරසය පැතිරීමේදී, ඔවුන් මගින් සිදුවන අහිතකර බලපෑම ඉතා විශාල අගයක් ගනී.

මීට පෙර මෙම නෞකාවේ වෛරසය වැලඳුණ නාවිකයන් සඳහා උදව් ඉල්ලා යැවූ ලිපියක් හේතුවෙන්, එම නැවේ අණ දෙන නිලධාරී Brett Crozier , ඔහුගේ තනතුරින් නෙරපා හරින ලදී. නමුත් නෞකාවේ සම්පූර්ණ පරීක්ෂණයෙන් පසු ඔහුව නැවත සේවයට පිහිටුවිය හැකි බව ආරක්ෂක ලේකම් තවදුරටත් පවසා තිබේ.

මූලාශ්‍ර –Comersant.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More