ව්‍යාපාරික පුවත්

වසර 2025 පමණ වනවිට ශ්‍රී ලංකාවට ඇඟලු‍ම් කර්මාන්තය මුළුමනින්ම අහිමිවීමේ අනතුරක් නිර්මාණය වී තිබෙන බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක, හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමට පෙර පටන්ම මෙරට ඇඟලු‍ම් කර්මාන්තය දැඩි අසීරුතා රැසක් මධ්‍යයේ ක්‍රියාත්මක වූ බවත් වෛරසයේ බලපෑමත් සමග එම අසීරුතා වඩාත් තීව්‍ර වී මේ ආකාරයේ අනතුරක් නිර්මාණය විය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පසුගිය කාලයේදී ඇඟලු‍ම් කර්මාන්තශාලා සේවක වැටුප් ඉහළ ගොස් ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව වැනි රටවලින් අඩු වැටුප් සහිත ශ්‍රමය ලබාගත නොහැකි නිසා මෙරටේ පැවති බොහෝමයක් ඇඟලු‍ම් කර්මාන්තශාලා අඩු වැටුප් සහිත ශ්‍රමය ලබාගත හැකි බංග්ලාදේශය, වියට්නාමය හා අප්‍රිකානු කලාපයේ රටවලට ගෙනයෑමට ආයෝජකයන් මේ වන විටත් කටයුතු කර ඇති නිසාත් අමෙරිකාව හා ඇතැම් යුරෝපා රටවල් සිය රටවල්වල මෙන්ම ආසන්නයේ පිහිටි රටවල ද ඉහළ වැටුප් සහිත මිනිස් ශ්‍රමය වෙනුවට ස්වයංක්‍රීය රොබෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන ඇඟලු‍ම් කර්මාන්තශාලා ඉදිකිරීමට පියවර ගෙන තිබීම නිසාත් මෙවැනි අවදානමක් නිර්මාණය වී ඇති බව විජේවර්ධන මහතා අවධාරණය කරයි.

මේ අනතුරට මුහුණ දීම සඳහා ඇඟලු‍ම් කර්මාන්තයෙන් මිදී තොරතුරු හා සන්නිවේදන උසස් තාක්ෂණය මත පදනම්වන අපනයන කරා මාරුවීම අතිශය වැදගත් බවත් ආර්ථිකයේ දරුණු පසුබෑමක් ඇතිව තිබෙන මෙවැනි තත්ත්වයක් ඒ ආකාරයේ ප්‍රතිපත්තිමය නැඹුරුවක් සඳහා හොඳ අවස්ථාවක් කරගත හැකි බවත් විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More