දේශීය පුවත්

පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තිය සහ විදේශ ප්‍රතිපත්තිය සකස් කළේ මිලින්ද මොරගොඩ පින්ටො මහත්මසයා නායකත්වය දෙන ” පාත් ෆයින්ඩර් ” නම් ඇමරිකානු අරමුදල් ලබාගන්නා බවට චෝදනාවමට පාත්‍රව සිටින රාජ්‍ය නොවන සංවිධානයකින් බවත් දැන් කොරෝනා වසංගතයෙන් පසුව නැවත නැගී සිටීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ ඒ මහතා විසින් කුලියට ගත් වඳ බැහැපු නව ලිබරල් විද්වතුන් පිරිස් විසින් බවට පළවන වාර්තා පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ඔහුගේ පිළිතුර ඔහුගේ වචනයෙන්,

” අපි නම් හිතන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා අදූර දර්ශී අකාරයට දේශපාලන අසූචි වලකට පය තබාවි කියලා. ඒත් දැන් චෝදනා එල්ල වන නිසා මීට කලින් පිලිගත් බව කියන ආරක්සක සහ විදේශ ප්‍රතිපත්ති මොනවාද කියලා රටට කියන්න වෙනවා. දැන් ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ ඔය කියන විදිහට ඒ එන්.ජී.ඕ නඩය විසින් නම් කළ ඒ ප්‍රතිපත්ති නිෂ්චිතව රටට කියන්න ඕන. ඒ කථා බොරු නම් ඒ බව පැහැදිළි කිරීම ආණ්ඩුවේ වගකීමක්. මොකද? එම වාර්තා සත්‍ය නම් නොවැම්බර් 16 ජනවරම නිර්මාණය කළ අතිබහුතරයක් සිංහල ජනතාව පාවාදීමක් සිදු වෙනවා. එහෙම නම් ඒ ජනතාව කියයි රනිල් නැවත බලයට ඇවිත් 2003 නතර කළ තැනින් පටන් ගත්තත් වෙනස මොකක්ද කියලා. අවුරුදු 30 ක් 40 ක් තිස්සේ අසාර්ථක වූ නව ලිබරල් ප්‍රතිපත්ති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෝලයින්ගෙන් අහන්නේ නැතිව රනිල්ගෙන්ම අහගත්තා නම් හොඳයි. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More