විදේශ පුවත්

අමෙරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සතියේ ප්‍රථම වතාවට විරැකියාවෙන් පෙලෙන්නෙකු යැයි පැවසීමට අයැදුම්පත් පිරවූ සංඛ්‍යාව මිලියන 5.245ක් වේ. අලුතින් එකතු වූ පිරිස ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ගෙන් සහ පසුගිය වර නිර්නායක වලට අනුව සුදුසුකම් නොලැබූ පිරිස වන්නේය.ඒ අනුව පසුගිය මාසය පුරාවට අමෙරිකාවේ ඒකාරාශි වූ විරැකියාවෙන් පෙලෙන්නවුන් ගනන මිලියන 22ක් හෙවත් ශ්‍රී ලංකාවේ 2018 වසරේ ඇස්තමේන්තුගත සමස්ත ජනගහනය වූ මිලියන 21.67 ද ඉක්මවා යන අගයකි.

තවද 2008 වර්ෂයේ ඇතිවූ ආර්ථික අවපාතයෙන් පසුව COVID-19 වෛරසය පැතිරීම ආරම්භ වූ කාල සීමාව දක්වා අමෙරිකාව උත්පාදනය කළ සියළුම රැකියා පාහේ මේ වන විට අතුරුදහන්ව ඇත. කෙසේ වුවද 2008 වර්ෂයේ ඇතිවූ මහා ආර්ථික අවපාත අවදියේදී අමෙරිකාව පුරාම අහිමිවූ රැකියා ගනන හෙවත් මූලික වශයෙන් අහිමි වූ රැකියා සංඛ්‍යාව 700,000කට වඩා අඩු විය. ඒ අනුව 2008 ආර්ථික අවපාත අවධිය තුළ අහිමි වූ රැකියා සහ මෙම කාලය තුළ අමෙරිකානු වැඩකරන ජනයාට අහිමි වු රැකියා සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 16%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

කෙසේ වුවද අප්‍රේල් 11 වෙනිදායින් අවසන් වූ සතිය තුළ රැකියා අහිමි වූවා යැයි අයදුම්පත් ඉදිරිපත් කළ සංඛ්‍යාව  අප්‍රේල් 4 වෙනිදායින් අවසන් වූ දෙසතියට වඩා යම් පමණක අඩුවක් තිබෙන බව අමෙරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන දෙස් දෙයි.එනම් අප්‍රේල් 4 වෙනිදායින් අවසන් වූ දෙසතිය තුළ මිලියන 1.622ක් වැඩිපුර අප්‍රේල් 11 වනදායින් අවසන් වූ සතියේ වාර්තා වූ ගණනට වඩා  රැකියා විරහිතයෝ ගණනක් වාර්තා වූ අතර එම අගය මිලියන 6.867ක් හෙවත් අපේ රටේ ජන ගහනයෙන් තුනෙන් එක් පංගුවකට සමාන ගනනකි.

සමහර ආර්ථික විශ්ලේෂකයන්ට  අනුව අමෙරිකාවේ රැකියා අහිමිවන්නන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පසුබෑමට ලක් වීමට නියමිත අතර සමහර ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉදිරිකාලයේදී මෙම සංඛ්‍යාව තීව්‍ර ලෙස වැඩිවීමට නියමිත බවයි.
“අමෙරිකානු ආර්ථික දේහය කුනාටුවකට මුහුණ දීමේ සළකුණ ඇගේ නළලේ කොටා තිබෙනවා. නමුත් මෙම කුනාටුව කවදා පහව යන්නේ දැයි කිසිවෙකුටත් නිෂ්චිතව කිව නොහැකියි” යනුවෙන් පවසන්නේ නොට්‍රේ ඩෑම් සරසවියේ  මූල්‍යය කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක සහකාර මහාචාර්ය ජේසන් රීඩ් මහතායි.

අමෙරිකාවේ ෆෙඩරල් සංචිත දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ අමෙරිකානු කාර්මික නිෂ්පාදන ක්ෂේත්‍රය 5.4% කින් කඩා වැටී ඇත්තේ COVID-19 වෛරසය ආසාදනය පැතිරීම වැලැක්වීම පිණිස මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලා, ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ වෙනත් කාර්මික නිෂ්පාදන කරනු ලබන කර්මාන්ත ශාලා වසා තැබීමට අමෙරිකානු රජය තීරණය කිරීමෙන් බවයි.දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසුව සියලුම යුද්දයට අවශ්‍යය  කාර්මික නිෂ්පාදන නිපදවූ කර්මාන්තශාලා පාරිභෝගික නිෂ්පාදන කර්මාන්ත ශාලා බවට පත් කිරීම හේතුවෙන් අමෙරිකානු කාර්මික ක්ෂේත්‍රයේ 1946දී සිදුවූ කඩා වැටීමට සමාන කඩා වැටීමක් පසුගිය මාර්තු මාසය තුළ අමෙරිකානු කාර්මික ක්ෂෙත්‍රයේ සිදු වූ බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More