දිස්ත්‍රික්ක 18ක් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට සිට නැවත දැනුම්දෙනෙතුරු සෑම දිනකම උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.
එමෙන්ම ලබන 22දා අවදානම් දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 25ක් හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කෙරෙනු ඇති.
ජන ජිවිතය යථාවත් කිරිමේ අරමුණින් දැනට පනවා ඇති ඇදිරි නීතිය හෙට සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව යාපනය,කිලිනොච්චිය,මන්නාරම,මුලතිව්,වව්නියාව,කුරුණෑගල,මාතලේ,නුවරඑළිය,රත්නපුර,අනුරාධපුර,පොළොන්නරුව,ත්‍රිකුණාමලය, මඩකලපුව,බදුල්ල,මොණරාගල,හම්බන්තොට,මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක 18 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට සිට පෙරවරු 05.00ට ඉවත් කොට රාත්‍රී 08.00ට යළි පැනවිමට නියමිතයි.
එසේම කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 25ක් හැරුණු විට සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නිතීයද ලිහිල් කර තිබේ.
කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික්කයේ, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල යන පොලිස් බල ප්‍රදේශවලටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල, කොච්චිකඩේ සහ සීදුව යන පොලිස් බල ප්‍රදේශ වල ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
එමෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මාරවිල සහ වෙන්නපුව යන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.
එම පොලිස් බල ප්‍රදේශ හැරුණු විට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය ලබන 22 වන බදාදා සිට සෑම දිනකම උදෑසන 05.00ට ඉවත් කර රාත්‍රී 08.00 යළි ක්‍රියාත්මක කිරිමට නියමිතයි.
මේ අතර මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලට අයත් අලවතුගොඩ, අකුරණ, වරකාපොල සහ අක්කරෙයිපත්තුව යන පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර එම දිස්ත්‍රික්ක තුනට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය හෙට සිට සෑම දිනකම උදෑසන 05.00ට ඉවත් කර රාත්‍රී 08.00ට යලි පැනවෙන බව ජනාධීපති මාධ්‍ය අංශය සදහන් කළේය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 33,357 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් භාරයට ගැණුනු වාහනය සංඛ්‍යාව 8570ක්
ඒ අතර අදත් නීතිවිරෝධීව මාර්ගයේ ගමන්ගත් වාහන සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක විය.
මේ අතර සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන, ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාලසීමාවන්ට යටත්ව, නියමිත වේලාවන් තුලදී පමණක් නැවත විවෘත කිරීමට අවසර ලබාදී තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම අවසරය දී ඇත්තේ ඇඳිරි නීති විධිවිධාන සහ සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය විධිවිධාන පිළිපැදීමේ කොන්දේසියට යටත්වයි.
මේ අතර ඇඳිරි නීතිය පැවැති දින 31 තුළ නීති විරෝධීව මත්පැන් අළෙවි කරන ස්ථාන 600ක් පමණ පොලිසිය සමඟ එක්ව වැටලූ බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
එහිදී අත්අඩංගුවට ගැණුනු පිරිස 590ක්.
එම වැටලීම් අතරතුර නීති විරෝධී මත්පැන්, ගෝඩා ඇතුළු රුපියල් මිලියන 3.5කට වැඩි වටිනාකමකින් යුත් උපකරණ හා සුඛෝපභෝගී වාහන දෙකක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...