ත්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බලමණ්ඩලය තුළ ඇති විහාරස්ථාන 18ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා මුදල් පරිත්‍යාගයක් කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් ඊයේ (18) දිනයේදී සිදු කරන ලදී.
කොරෝනා වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින එම විහාරස්ථාන වල විහාරාධිපතීන් වහන්සේලා මහා කරුණාවෙන් මෙම සත්කාරය ප්‍රසංග කළහ.
මෙම සත්කාරය සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මැතිතුමාද ද්‍රව්‍ය සපයමින් සහය ලබාදී තිබේ. එසේම එම ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ප්‍රවාහන පහසුකම් ගරු විමල් වීරවංශ ඇමතිතුමා ලබාදී තිබේ.
මෙම අවස්ථාව සඳහා එම කටයුතු සංවිධානය කළ කැලණි විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවෙ ආනන්ද කිත්ති හිමි, භෞතික විද්‍යා හා ඉලෙක්ට්‍රොනික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අරණ වන්නිනායක සහ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ චන්දන, නැගෙනහිර උරුමය සුරකීමේ සංවිධානයයේ කැදවුම්කරු නලින්ද කස්තුරි මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
තවද අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා දීම සදහා නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ද මහෝපකාරී වූ බව මෙහි දී ගෞරවයෙන් සඳහන් කළ යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...