ස්වාධීන සමාජිකයින්ගෙන් සමන්විත යැයි කියන මැතිවරණ කොමිසමේ එක් සමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූලේ විසින් නැවත වතාවක් ප්‍රසිද්ධියේ පාර්ශවීය සහ අගතිගාමී ප්‍රකාශ නිකුත් කොට ඇත. ” කොලොම්බු මේලිග්රාෆ් ” වෙබ් අඩවියට ලිපියක් සපයමින් රාජ්‍ය නිලධාරීන් වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, පොලිස්පති සහ හමුදාපති යන නිලධාරීන් පිළිබඳ පාර්ශවීය සහ අගතිගාමී ප්‍රකාශ සිදු කොට ඇත.
කාර්යාලයක සාමාන්‍ය ලිපිකරුවෙකු අනුගමනය කරන අචාර ධර්මවත් නොදන්නා මෙම මහාචාර්ය වරයා පිළිබඳ ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කථානායක වරයා යම් පියවරක් ගතයුතු බව ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ නීතිඥ කපිල ගමගේ මහතා පවසයි.
මේ ඒ මහතා විසින් ඒ පිළිබඳව මාධ්‍ය වෙත යොමු කළ ලිපිය –
මැතිවරණ කොමිසමේ “මහාචාර්ය තුනෙන් පංගුව” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති මහාචාර්ය රත්නජීවන් හූල් යළිත් Colombo Telegraph වෙබ් අඩවියට ලිපියක් පළ කරමින් තම අදහස් දක්වා තිබේ. ඒ ලිපිය මගින් ඔහු අවධාරණය කරනුයේ කොමිසමේ අත කරකවා මැයි 28 මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බවත් තමාද ඇතුළුව ගණපූරණය සකස් වියයුතු කොමිසම විසින් එවැනි තීරණයක් ගැනීම සදහා රැස්වීමක් පවත්වා නොමැති බවත් ය.
ඒ සම්බන්ධයෙන් වන රැස්වීමක් අප්‍රේල් 20 දින පැවැත්වීමට නියමිත බවට 16වනදා තමන්ව විද්‍යුත් ලිපියක් මගින් දැනුවත් කළ බවත්, තමා කොවිඩ් 19න් ආරක්ෂිත බවට වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්වී සහතිකයක් ලබාගැනීමට ඒ කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, තවද තමාට ඇදිරිනීති බලපත්‍රයක් ලබාගැනීමට ද මේ කාලය ප්‍රමාණවත් නොවන බවත් මහාචාර්ය හූල් අවධාරණය කරයි.
ඒ ආකාරයෙන් නොකෙරෙන රැස්වීමට කොදුරු තෙල් හත් පට්ටය සොයන මහාචාර්ය හූල් අමතරයේ “තවත් ටිකක්” සොයනුයේ ඒ රැස්වීමට පැමිණිමට නියමිත පහත සදහන් පුද්ගලයින්ගේ කැරැට්ටුව හාරා බලමිනි. මහාචාර්ය හූල්ට අනුව;
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිිංහ යනු ඉන්ෆ්ලුවන්සාවත් කොවිඩ් 19ත් පටලවමින් බොරු ප්‍රවෘත්තියක් ගෙතූ පුද්ගලයෙකි. ඔහු ජනතාවට මුඛ ආවරණ පැළදීමට ඉඩ නොදුන් පුද්ගලයෙකි.
වැඩබලන පොලිස්පති වික්‍රමරත්න යනු සිංහලයින් විසින් ගුරුකන්ද නමින් ජනාවාස කරන ලද චෙම්මලෙයි ප්‍රාද්ශයේ පන්සලක හිමිනමකගේ දේහය ආදාහනය කිරීම වළක්වන්නට අසමත් වූවෙකි. ඊට අදාල අධිකරණ නියෝගය ක්රියාවේ යොදවන්නට අසමත් වූවෙකි.
ඊ ළගට මේ ලුතිනන් ජනරාල් සිල්වා? ඔහු ප්‍රශ්න කරනුයේ එසේය. ඔහුට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් තවමත් අසා නිම නොකළ චෝදනා රාශියක් ඇත. ඔහුට එරෙහිව තවත් මානව හිමිකම් සංවිධාන වෙතින්ද චෝදනා රාශියකි. යුද සමයේ දසදහස් ගණනින් දෙමළුන් සමූලඝාතනයට අණදීමේ වගකීම ඇත්තෙකි. දෙමළෙකු ලෙස 20 දින ඔහු හමුවූ විට ඔහු සමග තර්ක කිරීමටත් මම බියවෙමි.
මේ තිදෙනාම කියන කරුණු ඉතා ප්රවේශමින් කිරා මැන බැලිය යුතුය.”
අහෝ! ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයෙකුගේ තරම. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කල යුතුයයි හඩනගන කිසිවෙකු හෝ කොමිෂන් සභාවලට පත්කරන මෙවැනි බුද්දිමතුන්ගේ සාමාන්‍ය බුද්ධියත්, ජාතිවාදීත්ව දර්ශකයත් පරීක්ෂා කරන්නැයි යොජනා නොකිරීම දැඩි අඩුවක් බව දැන්වත් වටහා ගත යුතු නොවේද?
ඔහුගේ තවත් අදෝනා බොහොමයකි. රටේ අවාසනාවට මෙවැනි කොමසාරිස්වරුන් මහජන මුදලින් නඩත්තු කිරීමට සිදුව ඇත්තේ ඔවුන් ඉවත් කිරීමට හෝ ඔවුන් සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට මහජනතාවට කිසිදු අවස්ථාවක් සලසා නොමැති බැවිනි. මේ මීට මාස හයකට කලින්ද මැතිවරණ පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ මැතිවරණ කොමිසම් සාමාජිකයාමය. ඒ තමන්ගේ දේශපාලන කදවුර වෙනුවෙනි. මෙවරද ඔහු මේ දිගට හරහට ලිපි ලියනුයේ තම දේශපාලන කදවුර වෙනුවෙනි. ස්වාධීන වෙනුවට ස්ව-දීන කොමසාරිස්වරුන් හිමිවීමේ කරුමය අප විසින් ගෙවිය යුත්තේ ඔවුන් අපගේ මුදලින් නඩත්තුද කරමිනි.
මහාචාර්ය හූල් මේ සැරසෙන්නේ කෙසේ හෝ මැතිවරණය කල්දමා තම දෙශපාලන කදවුරේ අවශ්‍යතාවය වන පැරණි පාර්ලිමේන්තුව යළි කැදවාගැනීමටය. ඔහු තම අවසන් ගුග්ලිය දමනුයේ සාකච්ඡාවට තවත් විශේෂඥයින් අවශ්‍ය බවට හෙට්ටු කරමිනි. එනම්, ප්රජාවෛද්යවේදීන්, වසංගතරෝගවේදීන්, වෛරසවේදීන් සහ ක්ෂුද්රජීවවේදීන් ආදී වශයෙනි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ සියළු අංශ නියෝජනය කළද මහාචාර්ය හූල් කෝදුරු තෙල්ම සොයන නිසාත්, හත්පට්ටය සහ තවත් ටිකක් ම ඉල්ලන නිසාත් 20 වනදා රැස්වීමේදී පාදයක් පෙරට තබා දැවැන්ත පහරක් එල්ලකිරීමට අවශ්‍ය පුහුනුව සහිතව එයට සහභාගී විය යුතු බව අවධාරණය කරමි.
-නීතීඥ කපිල ගමගේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...