ව්‍යාපාරික පුවත්

පසුගිය වකවානුව තුල අප දැඩිව අවධාරණය කල පරිදිම අපනයන දැන් අප රටේ ජාතික ප්‍රමුඛතාවය වී ඇත. COVID-19 අර්බුදය ලොව පුරා වේගයෙන් පැතිරී යන මේ අවස්ථාවේ, ඒ නිසා ඇතිවන ආර්ථික අර්බුදය සාර්ථක ලෙස ජයගැනීමට නම්, ශ්‍රී ලංකාවට රටේ අපනයන අංශයේ ප්‍රගමනය ඉතා වැදගත් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ අපි ඉතා හොඳින් වටහාගෙන ඇත්තෙමු. අසාමාන්‍ය තත්වයන් පවතින මෙම කාලවකවානුවේදී, ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන, සංචාරක කර්මාන්තය සහ රටේ සමස්ත ආර්ථිකය යන ක්ෂේත්‍ර කෙරෙහි විශාල බලපෑමක් සිදු වී ඇත. එබැවින් මෙම කාලය තුළ, අපනයන අංශයේ ඇති වැදගත්කම සලකා එය දිරිමත් කිරීම සදහා සහයෝගය ලබා දෙන ලෙස අපි වෙනත් රාජ්‍ය ආයතනවලින්ද ඉල්ලා සිටිමු. සියලුම අපනයනකරුවන් සඳහා, උපරිම සහයෝගය දීමට නොපමාව පියවර ගත යුතුව ඇත. අප දරනු ලබන මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපනයන අංශය මගින් රට තුලට ගෙන එන විදේශ විනිමය, ජාතියක් වශයෙන් මෙම අර්බුදයෙන් ගොඩ ඒම සහ අප ඉදිරියේ ඇති අභියෝගයන් ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය වී ඇත.

ඉහත කාරණා ප්‍රමුඛතාවයේ සලකා ඊට ප්‍රතිචාර දක්වමින් රජය විසින් අපනයන ක්ෂේත්‍රයේ පැවති සීමා ලිහිල් කර මේ සඳහා මහඟු සහයක් ලබාදී ඇත. ඒ අනුව සියලුම කර්මාන්තශාලා නැවත සක්‍රීය කර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවට අප සියලුම අපනයන කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. අපනයන සංවර්ධන මණ්ඩලය මේ සම්බන්ධව මූලිකත්වය ගෙන කටයුතු කරන අතර සියලුම අපනයනකරුවන්ට ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට අප සූදානමින් සිටිමු. ඒ අනුව, අපනයනකරුවන් වන ඔබ වෙත අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් හෝ සහායක් අවශ්‍ය වේ නම්, අපගේ උපකාරක කවුළුව හා සම්බන්ධ වීමට ඔබට හැකියාව ඇත. සෑම අපනයනකරුවකුගේම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම අපගේ ප්‍රමුඛ අරමුණ වන බැවින් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල වුවද ඒ සඳහා ඔබට අවශ්‍ය සහය ලබාදීමට අපි සූදානම්ව සිටිමු.

සියලුම අපනයන සමාගම් වෙතින් අප කරන කාරුණික ඉල්ලීම නම්, පුරවැසියෙකු ලෙස ඔබට පැවරී ඇති සමාජ හා ජාතික වගකීම හදුනාගනිමින් මේ අවස්ථාවේ ශ්‍රී ලංකික ජාතියට ඔබෙන් ඉටු විය යුතු කොටස මනාව ඉටු කරන ලෙසයි. අප රටේ අපනයන අංශය සක්‍රීය කිරීම සඳහා ඔබ සෑම කෙනෙකුම වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර හැකි උපරිම විදේශ විනිමය ප්‍රමාණයක් රට තුලට ගෙන ඒම මේ වකවානුවේ අතිශයින්ම වැදගත්වේ.

නමුත් යම් යම් ව්‍යාපාර සඳහා මෙම ක්‍රියාවලිය අනෙක් ව්‍යාපාර ක්ෂේත්‍ර වලට වඩා අභියෝගාත්මක වනු ඇත. ඒ අනුව ඔබ ව්‍යාපාරයේ ගැටළු හඳුනා ගනිමින්, මෙම අර්බුදයෙන් ගොඩඒමට වඩාත් උචිත දිගු කාලීන සැලසුම් හා ක්‍රමවේද අනුගමනය කරන ලෙස අපි ඔබෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. ඒහිදී නව අවස්ථා සහ නව වෙළඳපල හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබේ ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම හා වේගවත් කිරීමට පියවර ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිමු. මීට අමතරව, නව නිෂ්පාදන සඳහා ඇති හැකියාව සොයාබැලීමද අත්‍යවශ්‍ය කරුණකි. මෙම කාලය තුළ නිෂ්පාදන විවිධාංගීකරණය අතිශයින්ම වැදගත් වන අතර නව නිෂ්පාදන, නව වෙළඳපල සහ නව අවස්ථා සොයා ගැනීමේදී ඔබට සහාය දීමට අපනයන සංවර්ධන මණ්ඩලයද කැමැත්තෙන් සිටී. තවද මේ අවස්ථාවේ, මෙම අර්බුදයෙන් බරපතල ලෙස බලපෑමක් එල්ල නොවන ව්‍යාපාර, සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියට ගොස් ඔබේ අපනයන ඇණවුම් සාර්ථකව සම්පුර්ණ කිරීම වඩා ඵලදායි වනු ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කාලය පුරාවටම ඔබට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී. අපනයන අංශය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඉදිරි කාල වකවානුවේ ඉතාම වැදගත් වන නිසාම සියළු අපනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය සහ කැපවීම තුලින් අප රට මෙම අභියෝගය ජයගනු ඇත. තවද අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ක්‍රියාදාමයේ නායකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් අතර අපගේ සහෝදර ආයතනයක් වන ආයෝජන මණ්ඩලය සමඟ එක්ව සියලුම අපනයනකරුවන් වෙත අවැසි උපරිම සහාය ලබාදීමට කටයුතු කරන්නෙමු. සියළු සමාගම් නැවත ව්‍යාපාර ආරම්භ කරනු දැකීම අපගේ එකම ප්‍රාර්ථනයයි. අපි එක්ව නැගිටිමු.

වැඩිදුර තොරතුරු සදහා,

අපනයන උපකාරක කවුළුව

ඉන්ද්‍රකීර්ති එස් ආර් පී මහතා අධ්‍යක්ෂ, වෙළඳ පහසුකම් – 071 440 6119

නිර්මලා ගජනායක මෙනෙවිය – අපනයන ප්‍රවර්ධන නිලධාරී – 071 822 0953

ප්‍රියදර්ශනී හේවාවසම් මිය – අපනයන ප්‍රවර්ධන නිලධාරී – 077 249 4807

විද්‍යුත් තැපෑල: helpdesk@edb.gov.lk

(අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More