දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා දකුණු පළාත් සභාවට අයත් සියළුම රාජ්‍ය ආයතනවල කටයුතු ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු හෙට (20) සිට ආරම්භ කිරිමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස දකුණු පළාත් සභාවට අයත් සියළුම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්වෙත උපදෙස් ලබාදුන් බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් දිලීකා කුඩාච්චි මහත්මිය පැවසුවාය.
ඒ අනුව පළාත් සභාවේ සියළුම රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ කාර්ය මංඩලයෙන් සියයට 50 ක ප්‍රමානයක් හෙට (20) සිට සිය රාජකාරිය සඳහා කැදවන ලෙස දන්වා තිබේ.
ඇඳිරි නීති කාල සීමාව තුලදි පවා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ කටයුතු පවත්වාගෙන ගිය බව සඳහන් කරණ ආණ්ඩුකාර ලේකම් වරිය පළාතේ මහජනතාව මුහුනපාන ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුකාර කාර්යාලය දැනුම්වත් කිරීම සඳහා පැය විසි හතර පුරාම ක්‍රියාත්මක දුරකතන දෙකක් හඳුන්වා ඇති බවද පැවසුවාය.
දකුණු පළාත් සභාවට අයත් සියළුම රාජ්‍ය ආයතන සතියට දින පහක් විවෘතව තැබෙන අතර හෙට (20) සිට මහජනතාවට සිය රාජකාරි අවශ්‍යතා නොකඩවා එම කාර්යාලවලින් ලබා ගත හැකි බවද ආණ්ඩුකාර ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.
ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...