ප‍්‍රධාන පුවත්

 

COVID19 වෛරසයට එරෙහි සටනේදී, අන්‍යොන්‍ය සහයෝගීතාවයකින් කටයුතු කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හා චීන ජනපති Xi Jinping තීරණය කරයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය උපකරණ, ඖෂධ හා ආරක්ෂිත උපකරණ හුවමාරුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

චීනය හා රුසියාව අතර පවතින දැඩි අන්‍යොන්‍ය සහයෝගීතාවය, රටවල් දෙකටම ඉතා වැදගත් ලෙස බලපාන බව පෙන්වීමට මෙම අවස්ථාව හොඳම සාක්ෂියක් බව ක්‍රෙම්ලිනය පවසයි. ඒ අනුව මෙම ගෝලීය තර්ජනය මැඩපැවැත්වීම උදෙසා රුසියාව හා චීනය එකට එකතුව ඉදිරි වැඩ කටයුතු සිදු කරනු ඇත.

චීන ජනපති සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් පුටින් කියා සිටියේ, මෙම වසංගත රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා චීනය ගත් ක්‍රියාමාර්ග අගය කළ යුතු බවයි. මෙම වෛරසයේ භයානකකම පිළිබඳව පෙරදී දැනුම් නොදුන් බවට, වෙනත් රටවල් විසින් චීනයට එරෙහිව නගන චෝදනා පදනම් විරහිත බවත් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

සාකච්ඡාව අවසානයේ දී, චීනය හා රුසියාව අතර සමීප සබඳතාවය අඛණ්ඩව පවතිනු ඇතැයි රටවල් දෙකෙහිම නායකයන් විශ්වාසය පළ කළහ.

මූලාශ්‍ර – kremlin.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More