වැලි ගොඩ දැමීම සහ පස් කැපීම හේතුවෙන් මතුව ඇති පාරිසරික ගැටලු සඳහා විකල්ප තාක්ෂණික ක්‍රමවේද සහ යෝජනා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම්ගෙන් ඉල්ලා සිටී.
ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් කරනු ලැබ ඇත්තේ ඉරිදා (මාර්තු 11) ඉන්දියාවේ නව දිල්ලි නුවර දී ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවකදීය.
එහිදී පරිසර සංරක්ෂණය, දේශගුණ හා කාලගුණ විපර්යාස, සමුද්‍ර සංරක්ෂණය පිළිබඳ කරුණු සාකච්ඡා වී ඇති අතර, ශ‍්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කොට ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනාධිපතිවරයා විසින් පැහැදිළි කරන ලද බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ශ‍්‍රී ලංකාව තුළ 28% දක්වා පහත බැස ඇති වන ඝණත්වය 32% දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ පෙන්වා දී ඇති ජනාධිපතිවරයා වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ගුවන් හමුදාව විශේෂ නිරීක්ෂණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවත්, සෑම දෙසතියකට වරක් ගුවන් හමුදාව මගින් ඒ පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන බවත් ප‍්‍රකාශ කළේ යයි ද ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම සමුද්‍ර දූෂණය බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති පසුබිමක ශ‍්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවත් ජනාධිපතිවරයා පහදා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සොල්හයිම් සමග පැවති ඉහත කී සාකච්ඡාවට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් රාෂ්ට‍්‍රපතිභවන්හිදී පැවැත්විණි.
ජාත්‍යන්තර සූර්ය බල සමුළුවෙහි පණිවුඩය සමස්ත ලෝකය වෙත රැගෙන යාමට එක්ව කටයුතු කිරීම සඳහා සහාය දක්වන ලෙස ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ගෙවුණු වසර කීපය තුළ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩ වඩාත් ශක්තිමත් වූ බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කළ බවත් දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
දෙදින ඉන්දීය නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තවත් නිල සංචාරයක් සඳහා ජපානය වෙත ගොස් සිටී.
සබැඳි විෂයයන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...