මහ මැතිවරණය මැයි මස අවසන් සතියේ දිනක පැවැත්විය හැකිදැයි යන්න තීරණය ගැනීම සඳහා අද (20 වැනිදා) ජාතික මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට පැවැරී ඇති බලතල අනුව කල් තබන ලද මහ මැතිවරණය පැවැත්වීම සඳහා එම කොමිසම විසින් දිනයක් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇත.
ඒ අනුව අද දිනයේත් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා වටවලදී රටේ පවතින සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳව සමාලෝචනය කොට මැයි මස අවසන් සතියේදී මැතිවරණය පැවැත්වීමට හැකිදැයි අවසන් තීරණයකට පැමිණීමට නියමිතය. මේ වෙනුවෙන් ඊයේද මූලික මට්ටමේ සාකච්ඡා වට කීපයක් පැවැති නමුත් කොමිසමේ සභාපතිවරයා නිල වශයෙන් ඒවාට සහභාගි වී නැත.
මේ අතර සිරස රූපවාහිනිය ඊයේ දිනයේ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් තීරණය කර ඇති බවයි.
ව්‍යවස්ථානුකූලව එය කළ යුතුම තත්ත්වයක් උදා වී ඇති නිසා එම කටයුත්ත සිදුකිරීමටත් මැතිවරණය පැවැත්වීමට සුදුසු තත්වයක් ඇති බවට නිර්දේශ අදාල බලධාරීන්ගෙන් ලිඛිතව ලබා ගැනීමටත් කොමිසමේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් සිදුවී ඇති බවද සිරස නාලිකාව වාර්තා කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...