ව්‍යාපාරික පුවත්

ලෝක ඉන්ධන මිල යලිත් වතාවක් විශාල ලෙස පහල ගොස් තිබේ.ඒ අනුව මේ වන විට ලෝක වෙළඳපොලේ උඔෂ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 13 දක්වා (රුපියල් 2535 ) පහල ගොස් තිබේ.

එම මිල මේ වන විට මෙරට විදේශ විනිමය අනුපාත හා වෙනත් වියදම් සසඳන විට බොරතෙල් ලීටරයක් සඳහා වැය වන මුදල රුපියල් විස්සකට වඩා අඩු අගයක් වේ.

කොරෝනා වසංගතය සමග දිගින් දිගටම ඉන්ධන සඳහා තිබෙන ඉල්ලූ‍ම පහල යාම හා ලෝක ආර්ථිකයේ කඩා වැටීම ,ලොව පුරා රටවල කොටස් වෙළඳපොලපහල යාම මෙම මිල පහල යාමට බලපා තිබේ.

ලෝක ඉන්ධන මිල ඉහල දැමීම සඳහා මේ මස මුලදී ප‍්‍රධාන පෙලේ බොර තෙල් නිපදවන රටවල රැුස්වී ලෝක ඉන්ධන නිෂ්පාදනය සියයට දහයකින් කපා හරින්නට එකඟ වූ නමුත් දිගින් දිගටම ඉල්ලූ‍ම පහල යාම නිසා මෙම මිල අඩුවීම සිදුවී තිබේ.

මෙය වසර විසි එකකට පසුව වාර්තාවූ අඩුම මිල වේ.මේ මිල පහල යාම නිසා තෙල් සමාගම් පවත්වා ගෙන යාම් ගැටලූ‍වක්වී තිබේ. මේ නිසා ඇතැම් ජාත්‍යන්තර තෙල් සමාගම් බංකොලොත්භාවයට පත්වීමට ආසන්නවී තිබේ.

ලිහිසි තෙල් මිලද ඒ ආශ‍්‍රිත නිෂ්පාදන මිල ගණන්ද ලොව පුරා පහල බැස ඇතත් මෙරට පුද්ගලික සමාගම් අතිවිශාල ලාභ ලබමින් එම මිල ගණන් විශාල ලෙස ඉහල අගයක පවත්වා ගනිමින් සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More