දේශීය පුවත්

අනාවැකි පළ කරන්න අපහසු තත්ත්වයක් දැන් තියෙන්නේ. ලෝකෙ හුඟක් රටවල් පළ කරපු අනාවැකි, පවා වැරදිලා තියෙන්නේ. අපි කිව්වේ රටක් හැටියට ඉන්න තත්ත්වයේ අවදානම සැලකිල්ලට අරගෙන රට විවෘත කරන්න කියලා. ඒ සඳහා අනිවාර්යයෙන්ම පරීක්ෂණ පහසුකම් වැඩි කරන්න කියලා අපි දිගින් දිගටම කිව්වා. තවම එවන් තත්ත්වයක් දකින්න නැහැ.

දැන් තියෙන තත්ත්වය හොඳ නැහැ. ඒ නිසයි ලිහිල් කළ ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක කරන්න පියවර අරගෙන තියෙන්නේ. පරීක්ෂණ කඩිනම් කළා නම් මේ වන විට සැලකිය යුතු පාලනයක් කර ගැනීමට හැකියාව තිබුණා. කල් තියා තීරණ ගන්නේ නැතුව ඒ ඒ අවස්ථාව පිළිබඳ සලකා කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ. හෙට තත්ත්වය අදට වඩා වෙනස් වෙනවා. ඒ නිසා එදිනෙදා තත්ත්වය සමාලෝචනය කරලා තාක්ෂණික උපදෙස් මත තීරණවලට යාම තමයි වැදගත් වන්නේ. එහෙම නොවුණොත් අපේ සෞඛ්‍ය පද්ධතියටත් ගැටලු මතු වෙන්න පුළුවන්. මොකද හොඳයි කියූ සිංගප්පූරුවත් මේ වෙද්දි තත්ත්වය හොඳ නැහැ.

පොකුරු රෝගීන් එන විධිය අවිනිශ්චිතයි. අපි කවදාවත් හිතුවේ නැහැ මැද කොළඹින් මෙතරම් සංඛ්‍යාවක් වාර්තා වෙයි කියලා. ඒ අය හතර අතේ ගිහිල්ලා. එය බලාපොරොත්තු නොවූ තත්ත්වයක්. එම ප්‍රදේශවල වෛරසය ආසාදනය වෙලා තියෙන්නේ පිරිසුදු කිරීමේ සේවකයන්ට.ඔවුන් පෞද්ගලික ආයතනවල රෝහල්වල සේවය කර තිබෙනවා. ඒ හරහා කොහෙට කොහෙට වෛරසය ව්‍යාප්ත වෙලා ද දන්නෙ නැහැ. අපි දිගින් දිගටම කිව්වාට පසුව තමයි පරීක්ෂණ යම් තරමකින් හෝ වැඩි කළේ. 200ක් 250ක් කළ පරීක්ෂණ මේ වන විට 500ක් පමණ කෙරෙනවා. නමුත් ඒ ප්‍රමාණයත් මදි. දිනකට පරීක්ෂණ 1266ක් කරන්න පුළුවන් කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියනවා. අපි අහන්නේ 1266ක් පුළුවන් නම් ඇයි කරන්නේ නැත්තේ. පරීක්ෂණ කළා නම් ප්‍රශ්නයක් නැහැනේ.

වෛරසය පාලනය කළ රටවල මිනිසුන් මිලියනයකට පරීක්ෂණ දස දහසක් පමණ කර තිබෙනවා. නමුත් අපි පරීක්ෂණ කරලා තියෙන්නේ මිලියනයකට 200ක් 250ක් විතරයි.

උදාහරණයක් ලෙස ලක්ෂ 16ක් පමණ ජීවත් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ කරලා තියෙන්නේ 13යි. එහෙම පරීක්ෂණ අඩු සංඛ්‍යාවක් කරලා කුරුණෑගල විවෘත කරනවා. අපට හරි අමාරුයිනෙ එහෙම තීන්දු තීරණ ගන්න. එතරම් අඩු පරීක්ෂණ සංඛ්‍යාවක් කරලා කොහොමද තීරණ ගන්නේ. ආරක්ෂිත ද අනාරක්ෂිත ද කියලා තීරණය කළ යුත්තේ පරීක්ෂණ මතම විතරයි.

පරීක්ෂණ කරන්න පුළුවන් කිව්වාට යම්යම් අඩුපාඩු ඇති කියලා හිතෙනවා. එහෙම නැත්නම් පරීක්ෂණ කරන්න වෙන ගැටලුවක් නැහැ කියලයි අපි හිතන්නේ.

අදටත් අපි කියන්නේ පුළුවන් තරම් පරීක්ෂණ වැඩි කරන්න කියලයි. අපි එහෙම කියන්නේ වෛරසය පාලනය කිරීමටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More