විදේශ පුවත්

අමෙරිකානු ආර්ථිකයේ සිදුව තිබෙන දැවැන්ත කඩා වැටීම හමුවේ අමෙරිකානු බොර තෙල් මිළද සීඝ්‍ර කඩා වැටීමකට ලක්ව ඇති බව පැවසේ. බොර තෙල් නිෂ්පාදනය වන තරමට එයට ඇති ඉල්ලුම නොමැති වීම මෙම තත්වය ඇතිවීමට බලපා ඇති බව පැවසේ. ඒ අනුව බටහිර ටෙක්සාස් අතරමැදි (West Texas Intermediate  -WTI ) ඛනිජ තෙල් මිළ සෘන අගයක් දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය දිනවල ඩොලර් +18.27කට නියමවූ ඛනිජ තෙල් මිළ ඊයේ(20 ) දිනයේදී ඩොලර් -37.63 දක්වා පහළ බැස තිබුණි. මෙම මිළ පහත යාම 300%ක මිළ පහත බැසීමක් බව කියවේ.

 1983 දී ආරම්භ කෙරුණු නිව්යෝක් වාණිජ්‍යය වෙළෙඳ පොළ ( New York Mercantile Exchange -NYMEX ) සිය 37 වසරක ඉතිහාසය තුළ  බොර තෙල් බැරලයක අගය සෘන අගයක් වාර්තා කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. සමස්ථ අමෙරිකානු ආර්ථිකයේ සිදුව තිබෙන කඩා වැටීම හමුවේ අමෙරිකානු බොර තෙල් වෙළෙඳ පොලේ සිදුවූ මෙම කඩා වැටීම 1930 දශකයේ ඇතිවූ මහා ආර්ථික අවපාතයෙන් පසුව අමෙරිකානු බොරතෙල් වෙළඳ පොළේ සිදුවන දැවැන්තම කඩා වැටීම බවට පත්ව තිබේ.
සමස්ත ලෝකයේම බොරතෙල් ගබඩා පිරී ඉතිරී යමින් තිබෙන අතර මේ වනවිට ඔපෙක්+ සංවිධානය දිනකට බොරතෙල් බැරල් මිලියන 9.7කින් සිය නිෂ්පාදන ධාරිතාවය අඩු කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වුවද අමෙරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුව තව දුරටත් බොර තෙල් මිළ පහළ යාම වැලැක්වීම පිණිස දේශීය බොරතෙල් නිෂ්පාදන සමාගම් වලට අරමුදල් සැපයීමට සලකා බලමින් සිටින බව පැවසේ. කෙසේ වුවද අමෙරිකානු දේශීය ඛනිජ තෙල් කැනීම් කරන සමාගම් ඉල්ලුමක් නොමැති ඛනිජ තෙල් නැමැති පාරිභෝගික භාන්ඩය නිෂ්පාදනය නවතා දැමීමට සලකා බලමින් සිටින බවද මාධ්‍යය වාර්තා පවසා සිටී.
කෙසේ වුවද අනාගත ගිවිසුම් පිළිබඳව කිසිදු ස්ථීරතාවයක් නොමැති හෙයින්ද මුහුදේ ඇති තෙල් අට්ටාල වල නිෂ්පාදන ගොඩ ගැසී ඇති බැවින්ද ගොඩබිමෙහි ඇති බොරතෙල් ගබඩා පිරී ඇති බව අමෙරිකානු දේශීය තෙල් සමාගම් නොසන්සුන් වී ඇති බව මාධ්‍යය වාර්තා පවසයි. මේ වන විට ලෝකය පුරා ඛනිජ තෙල් සඳහා ඇති ඉල්ලුම 30%කින් පහළ වැටී ඇති බව පැවසේ.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
මූලාශ්‍ර www.rt.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More