දේශීය පුවත්

පසුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගැන ද විභාග කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරනවා.

මෙම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින අපාරාධකරුවන් සහ එය සැලසුම් කළ අය හෙළිදරව් කිරීම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අය වෙනුවෙන් සිදුකරන යුතුකම යැයි ද අගරදගුරුතුමන් සඳහන් කරනවා.

ප්‍රහාරය එල්ල වී අදට වසරක් ගත වුවද නියම අපරාධකරුවන් හෙළිදරව් වී නැති බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එතුමන් පවසා සිටිනවා.

මෙම ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම විසින් දැනට සිදු කර ඇති වැඩ කොටස ගැන අවංකවම අගය කළ හැකි බවත් සිදුකරන විමර්ශන ද විනිවිදභාවය සහ විශ්වාසනීයත්වයෙන් යුතු ව ගැඹුරින් සිදුකළ යුතු බවද අගරදගුරුතුමන් තව දුරටත් අවධාරණය කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More