April 21, 2020 5:29 pm | Lanka Lead News
පැන නගිමින් පවතින ගෝලීය ආර්ථික අවපාතයට මුහුණ දෙමින් රටේ විදේශ විනිමය ඉතිරිකරගන්නා අතර ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය උද්දීපනය කිරිම මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා කිරි ආර්ථිකය දියුණු කිරීම මුල් කර ගෙන පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශි්‍ීල වික්‍රමනායක මහතා විසින් උපාය මාර්ගික යෝජනාවලියක් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට බාරදුන් බව වාර්තා වේ.
එම යෝජනාවලිය පිළිබඳව අමාත්‍යවරයා ඉතා ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒවා යථාර්තයක් බවට පත් කළ හැකි බව තමා විශ්වාස කරන බව ඒ මහතා පවසා ඇත.
යෝජනාවලිය පහතින් –
කොරෝනා වසංගතය නිසා පැන නැගීමට නියමිත ගෝලීය ආර්ථික අවපාතයකට මුහුණ දෙමින්
රටේ කිරි ආර්ථිකය නැන්වීම හරහා
- වෙළඳපළ මිල විකෘතිය වැළැක්වීම සඳහා දේශීය නිෂ්පාදන වියදම මත පදනම්වන මිල සූත්‍රයක් කිරිපිටි සඳහා හඳුන්වාදීම සහ ඒ මඟින් ආනයනික කිරිපිටි වෙළඳපළ මිල දේශීය කිරිපිටි මිලට වඩා 10% කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයන බදු පැනවීම.
- බාල කිරිපිටි, විශේෂයෙන්ම ෆාම්තෙල් මිශ්‍ර කළ කිරිපිටි රටට ආනයනය කළ නොහැකි බවට ආනයන අපනයන පනත යටතේ රෙගුලාසියක් පැනවීම.
- දේශීය කිරිපිටි මිල ඉහළ දැමීම (නිෂ්පාදන පිරිවැය අනුව) කළ නොහැකි බවට මේ වන විට පනවා ඇති තහනම ඉවත් කිරීම (මිල සූත්‍රය ක්‍රියාත්මක වන විට එම ගැටළුව විසඳේ)
- නිති විරෝධී සහ ආචාරධර්ම විරෝධී වෙළඳ දැන්වීම් සහ අයුතු ලෙස සිල්ලර වෙළඳුන් පෙළඹවීමේ ක්‍රමවේද යොදාගැනීම වැළැක්වීම සඳහා ආහාර පනත සහ පාරිභෝගික ආරක්ෂණ පනත යොදා ගැනීම.
2. සැපයුම පැත්තෙන් කළ යුතු දේ (Supply Side interventions)
- භූ ගෝලීය වශයෙන් ඵලදායි ලෙස පැතිරෙන ආකාරයට අවම වශයෙන් තවත් කිරිපිටි කර්මාන්තශාලා 3 ක් පිහිටුවීම සඳහා පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය දිරි ගැන්වීම. (කුරුණෑගල, කිලිනොච්චිය, කන්තලේ)
- පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටුවීමේදී පනත මඟින් එම ආයතනයට පැවරූ ප්‍රධාන වගකීම වන ජාතික කිරි ගව අභිජනන වැඩසටහනක් සහ ඵලදායි කිරි ගවයින් මැරීම වැළැක්වීම සඳහා සැල්වේජ් ව්‍යාප්තියක් දියත් කිරීම මඟින් ගොවීන්ට උසස් තත්වයේ දෙනුන් ලබාදීම සහ පිටරටින් සතුන් ආනයනය කිරීම නැවැත්වීම.
- කිරි ගොවි සමූපකාර ජාලයක් මඟින් කිරි ගොවියා සංවිධානය කිරීම සහ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීම.
- ගොවීන්ට වසු පැටව් මිලදී ගැනීම සඳහා (පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් සහ පුද්ගලික අංශයෙන්) මූල්‍ය සහනාධාරයක් ලබාදීම සහ දිවිනැගුම සහ ග්‍රාමීය බැංකු මඟින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයක් ආරම්භ කොට ගොවියා මහා පරිමාන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් ගලවා ගැනීම. මෙම කටයුතු සඳහා රාජ්‍ය අරමුදල් යෙදවීම මුල්කර ගෙන ආනයනික කිරිපිටි සඳහා පනවනු ලබන බදු අරමුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම යොදවා ජාතික කිරි ගොවි සංවර්ධන අරමුදලක් පිහිටුවිය යුතුය.
මව්බිම ලංකා පදනම
It’s my wish to see that this local industry expand. But the price should not be increased if to complete with the imported stuff. It’s not necessary to increase prices as cost involved in importing is not there. Only local transport expenses will have to be covered. Looking forward to see your plans get implemented. All the best..