අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව සඳහා රහස් ඡන්දයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවී තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ මේ වන විට අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේත් විපක්ෂයේත් සැළකියයුතු පිරිසක් කැමැත්ත පළකර තිබෙන බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින් සමග කරන ලද සාකච්ඡාවලදී මෙම කුරුණු අනාවරණය වී තිබෙන බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් දෙතුන් දෙනෙකු විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීම සඳහා කැමැත්ත ප්‍රකාශකර තිබෙන බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කරයි.
පසුගිය සිකුරාදා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මනත්‍රි කණ්ඩායම් රැස්වීමේන අනතුරුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කළ බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර වංචාවට අන්බලදීම ඒය නැවැත්වීමට ක්‍රියා නොකිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පැනයාමට ඉඩ ලබාදීම ඇතුළු කරුණු රැසක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බවත් එහි පිටපත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට හා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් කොටසකට ලබාදී තිබෙන බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම සිකුරාදා දහවල් කාලයේදී ආරම්භ කළ බවත් එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින්ගෙන් පිරිසක් මීට අත්සන් කිරීමට නියමිත බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.
අත්සන් 75 ක් පමණ ලැබුණු විට ලබන සතියේදී මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට බාරදෙන බවත් මෙය විවාද කර රහස් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී අනෙක් පිරිසගේද සහාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට හිමිවන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...