පුරවැසි කොලම

පාස්කු ප‍්‍රහාරය සිදුවී අදට (21 දා* වසරකි. එහෙත් මේ බිහිසුණු ප‍්‍රහාරය සැලසුම්වල මොළකරුවන් හෙළිකරගැනීමට රහස් පොලිසියට හැකි වී නැත. මේ වනවිට සැකකරුවන් 133 ක් අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ප‍්‍රහාරය ගැන හිටපු හමුදාපති මහේෂ් සේනානායක සමයේ බුද්ධි අංශවලට කිසිදු තොරතුරක් නොලැබුණ බව හිටපු හමුදාපතිවරයා කියා සිටියේය.

බුද්ධි නිලධාරීන් 3500 කට අධික සංඛ්‍යාවක් සිටියදී හමුදාවට තොරතුරු නොලැබීම ලැජ්ජා සහගත ක‍්‍රියාවක් නොවේද?

එසේම තමා පාස්කු ප‍්‍රහාරය ගැන දැනගන්නේ අන්තර්ජාලයෙන් බව හිටපු හමුදාපතිවරයා පලකර තිබුණි.

පාස්කු ප‍්‍රහාරය එල්ලවීමට සති තුනකට පෙර සහරාන් හෂීම් නමැති මුස්ලිම් මූලධර්මවාදී ත‍්‍රස්තයා බී. බී. සී. ද්‍රවිඩ සේවාව ඔස්සේ අන්තවාදී අදහස් ප‍්‍රකාශ කරනු ලැබීය. එහෙත් අපේ බුද්ධි සේවාව එම සමයේ අකර්මණ්‍ය කර තිබුණි.

පාස්කු ප‍්‍රහාරය සිදුවීමෙන් පසු යහපාලන රජයේ ඇතැම් ක‍්‍රියාකාරීහු එය ගෝඨාභය රාජපක්‍ෂගේ මෙහෙයුමක් බවට සාවi ප‍්‍රචාරයක් දියත් විය.

ඊට පෙර එය බෞද්ධ අන්තවාදීන්ගේ ක‍්‍රියාවක් බවට බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළිකර තිබුණි.

paasku1එහෙත් ප‍්‍රහාරය සිදුවීමෙන් පසු බෝම්බකරුවන් සී. සී. ටී. වී. දර්ශවල සටහන් වීම නිසා එය ඉස්ලාමීය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව තහවුරු විය.

මෙම පාස්කු ප‍්‍රහාරය රජය දැන සිටි බව සනාථ වූයේ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු එවන් ප‍්‍රහාරයක් ගැන දැන සිටි බවත් මෙතරම් බරපතළ ලෙස සිදුවනු ඇතැයි නොසිතූ බව පැවසීය.

අපේ‍්‍රල් 21 උදේ වට්ස්ඇප් මාර්ගයෙන් බුද්ධි අංශ වෙත පාස්කු ප‍්‍රහාරය පිළිබඳව අනතුරු අඟවා තිබුණි.

එම අනතුරු ඇඟවීමේ මෙලෙස සඳහන් විය.

”ඔවුන් අද දින (21 දා* පැය 6 සිට 10 අතර ක‍්‍රියාත්මකවීමට ඉඩ ඇත. මෙතෝදිස්ත දේවස්ථානයක් එක් ඉලක්කයක් විය හැකිය.” මෙම අනතුරු ඇඟවීම සිදුවූයේ පෙරවරු 8.27 ට ය.

මෙදින 8.45 ට කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට සහ මීගමුව කටුවාපිටිය දෙව්මැඳුරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර අවසන් වූයේ දෙමඩගොට නිවාස සංකීර්ණයේදී පස්වරු 2.25 ට සිදුවූ පිපිරීමත් සමගය.

කතෝලික පල්ලි තුනක් සහ සුපිරි හෝටල් තුනක් ඉලක්ක කර සිදුවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් 278 ක් මරුමුවට පත්වූහ.

බෝම්බකරුවන් අටදෙනෙක් ද මියගියහ. තුවාල ලැබූ සංඛ්‍යාව 400 කට අධික විය. මරුමුවට පත් වූ පිරිස අතර විදේශිකයන් 40 ක් සහ දරුවන් 45 ක් ද විය.

මෙහි පහත දැක්වෙන්නේ ප‍්‍රහාර එල්ල වූ අයුරුයි.

පෙ. ව. 8.45 – මීගමුව ශාන්ත සෙබස්තියන් කතෝලික පල්ලිය

පෙ. ව. 8.45 – කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර

පෙ. ව. 8.47 – කොළඹ කිංග්ස්බරි හෝටලය

පෙ. ව. 8.54 – කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය

පෙ. ව. 9.10 – මඩකලපුව සියෝන් දෙව්මැඳුර

පෙ. ව. 9.12 – කොළඹ සිනමන් ග‍්‍රැන්ඞ් හෝටලය

පස්වරු 1.30 – ට්‍රොපිකල් ඉන් ලැගුම්හල – දෙහිවල

පස්වරු 2.25 – දෙමඩගොඩ නිවාස සංකීර්ණය

මෙම ප‍්‍රහාරය ගැන ලැබුණු තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන රාජ්‍ය ආරක්‍ෂක යාන්ත‍්‍රණයට දැන්වීමට ක‍්‍රියාකර නැත.

එහෙත් වසරක් ගතවුවත් ඔහුට එරෙහිව විනය පියවර ගෙන නැත. ඒ වෙනුවට ඔහුට නැගෙනහිට පළාතට යවා ඇත. වත්මන් රජය යටතේ ද සිය වගකිම පැහැර හැරි නිලන්ත ජයවර්ධනට එරෙහිව නිසි පියවර ගෙන නැත.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය ගැන කල් තියා තොරතුරු ලැබුණු අයුරු මෙලෙස දැක්විය හැක.

අපේ‍්‍රල් 4 – වට්ස්ඇප් හරහා මුලින්ම ප‍්‍රහාරය ගැන තොරතුරු ලැබී ඇත.

අපේ‍්‍රල් 5 – ලිඛිතව එම තොරතුරු ලැබී ඇත.

අපේ‍්‍රල් 7 – පළමු දැනුම්දීම

රාජ්‍ය බුද්ධි සේවාවේ ප‍්‍රධානි නිලන්ත තමාට ලැබුණු තොරතුරු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස්ට දන්වා ඇත.

අපේ‍්‍රල් 8 දා එම තොරතුරු හිටපු ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට දැනුම්දීම.

මේ තොරතුරු පොලිසියට දක්වන ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් විසින් ජාතික බුද්ධි ප‍්‍රධානියාට පවසා ඇත.

අපේ‍්‍රල් 09 දා බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ

රැුස්වීමක් පවත්වා ඇති අතර ඊට හමුදාපතිවරයා ද සහභාගි වී ඇතැයි ප‍්‍රහාරයට අදාළ තොරතුරු ගැන අවධානය කර නැත.

රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානියා තවදුරටත් මෙලෙස පවසා ඇත.

”මේ ගැන විශේෂ වාර්තාවක් පොලිස්පතිට සහ සී. අයි. ඞී. යට යවන බව මම පැවසුවා.”

එහෙත් රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානි (නිලන්ත ජයවර්ධන* මෙම ප‍්‍රහාරයේ බරපතළ ස්වභාවය ගැන කිසිවකු දැනුවත් කර නැත.

අපේ‍්‍රල් 9 දා සාකච්ඡුාවට ඔහු එම තොරතුරු ඉදිරිපත් කර නොමැත.

එහෙත් අපේ‍්‍රල් 9 දින සවස පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත ලිඛිතව ලිපියක් ලැබී ඇත.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප‍්‍රධානි සහරාන් හෂීම් සහ ඔහුගේ සඟයන් ශ‍්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුකිරීමට නියමිත බව එම ලිපියේ දක්වා තිබේ.

මේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේ ක‍්‍රියාකාරීන් ලෙස සහරාන් හෂීම්, ජාතුල් කුයිල්, රිල්වාන්, සාජි මෞලවි, ෂාහිර් සහ මිල්හාන් අයත් වේ.

එදිනම මේ ලිපියේ සටහනක් යොදා බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වෙත හා විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධානියාට ද යවා ඇත.

මේ අතර අපේ‍්‍රල් 15 වැනිදා සහරාන්ගේ ෆේස්බුක් අඩවිය අක‍්‍රිය කෙරුණි.

අපේ‍්‍රල් 16 දා කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සිදුවූ පිපිරීමක් ගැන රාජ්‍ය බුද්ධි සේවාවට තොරතුරු ලැබී තිබුණි.

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා වෙත ලැබුණු තොරතුරු වූයේ 2019 අපේ‍්‍රල් 16 පුපුරණ ද්‍රව්‍ය සවිකර යතුරුපැදියක් පුපුරුවා හැර ඇති බවයි.

මේ පසුබිම මැද කෑගල්ල දිසාව භාර හිටපු නියොජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන පැවසුවේ පාස්කු ප‍්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බවත් එහෙත් දේශපාලන බලපෑම් නිසා එය ව්‍යර්ථ වූ බව.

2018 දෙසැම්බර් මස මාවනැල්ල බුදු පිළිම කැඞීමට සම්බන්ධව සැකකරුවන් අල්ලාගැනීමට පොලිසියට නොහැකි වූයේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නමැත්තාගේ බලපෑම නිසා බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මේ අතර පාස්කු ප‍්‍රහාරය ගැන හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්ගේ සොහොයුරා සහ නීතිවේදියා වසරකට පසු රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.

එම නීතිවේදියා ප‍්‍රහාරයට සම්බන්ධව සැකකරුවන් සමග සබඳකම් පවත්වා ඇතැයි අනාවරණය විය.

මෙම පාස්කු ප‍්‍රහාරය ගැන පරීක්‍ෂණ පැවැත්වෙන අවස්ථාවේ කොළඹ උතුර භාර පොලිස් අධිකාරි සංජය බණ්ඩාර නමැත්තා පොලිස් පොතට ව්‍යාජ තොරතුරු ඇතුළු කරන ලෙස උප පොලිස් පරීක්‍ෂක ලහිරු ප‍්‍රදීප් උදයංග හෙළිකර ඇත.

මේ හෙළිදරව්වෙන් පසු සිදුවූයේ පොලිස් අධිකාරීවරයා පානදුර ප‍්‍රදේශයට මාරු කිරීමයි.

බෝම්බ ප‍්‍රහාරයට පෙර අනතුරු ඇඟවීමක් පිළිබඳව පූර්ව දැනුම්දීමක් නොලැබුණු බව උප පොලිස් පරීක්‍ෂකවරයා පළකර ඇත.

මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය වත්මන් රජය යටතේ ද වගකීම පැහැරහැරි පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග නොගැනීමයි.

මේ තත්ත්වය මැත ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කේන්ද්‍රස්ථානයට සයින්දමරුන්දු නිවසක් වැටලූ පොලිසිය ? වර්ගයේ ඩ්‍රෝන් යානාවක් ද අයිස්ස ධජ ද පුපුරණ ද්‍රව්‍ය ද බෝම්බ නිෂ්පාදන ක‍්‍රමය ද සොයාගනු ලැබීය.

මේ අයිසිස් ධජ සිරියාවේදී හමුවූ අයිසිස් ධජවලට සමානය. එසේම 2018 ජුලි මස මොහොමඞ් මුෂිප් නිලාම් නමැත්තා සිරියාවට ගොස් අයිසිස් සංවිධානයට බැඳුනු අතර සිරියානු හමුදා ප‍්‍රහාරයෙන් මරුමුවට පත් වූ බව වාර්තා විය.

ඉන්පසු හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ විසින් මෙරටින් මුස්ලිම් ජාතිකයන් පිරිසක් සිරියාවට ගොස් අයියිස් සංවිධානයට බැඳී ඇති බව පැවසූ අවස්ථාවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ මුස්ලිම් කවුන්සිලයේ අමින් ඊට එරෙහි විය.

විජයදාසගේ ප‍්‍රකාශය බොරු බවට මොවුන් දෙදෙනාම පවසනු ලැබීය.

එසේම හිටපු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් නමැත්තා ද මෙරට අයිසිස් ක‍්‍රියාකාරීන් මෙරට නැතැයි ද පවසනු ලැබීය.

පාස්කු ප‍්‍රහාරයත් සමග ඉන්දීය බුද්ධි සේවාවට කඩිමුඩියේ ක‍්‍රියාත්මක වී අයිසිස් ක‍්‍රියාකාරීන් අල්ලගැනීමට ක‍්‍රියාකෙරිණි.

මේ අතර පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව එම ප‍්‍රහාරය ගැන තොරතුරු හෙළි කළ කෑගල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන හෝ එම ප‍්‍රහාරය ගැන සිය පුතු හරීන් ප‍්‍රනාන්දුට තොරතුරු හෙළි කළ පියාගෙන් ප‍්‍රශ්න කළේ නැත.

ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වූ බව ඒ ගැන විමර්ශනය කළ යුතු වන්නේ ප‍්‍රහාර ගැන දැනීමක් ඇති අයයි.

පාස්කු ප‍්‍රහාර විමර්ශන කමිටුවේ සාමාජිකයන් අතර සුමන්තිරන් සහ අයිසිස් ක‍්‍රියාකාරීන් මෙරට නැතැයි පැවසූ රාජිත සේනාරත්න ද විය.

මෙම ප‍්‍රහාරයේ දෙවැනි කොටස ක‍්‍රියාත්මක කිරීමට ජාතික තවුහිද් සංවිධානයට නොහැකි වූ බව වාර්තා විය.

ඒ මහනුවර ඇසළ පෙරහැරයි.

මේ වනවිට සැකකරුවන් 197 ක් අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් විවිධ පළාත්වල පදිංචිකරුවන් වේ.

පාස්කු ප‍්‍රහාරයට වසරක් ගතවන අවස්ථාවේ තවත් සහරාන්ලා නැතැයි කිව නොහැකිය.

සතුරන් බලා සිටින්නේ අවස්ථාව එනතුරුය.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ වෙත

නැගෙනහිර පළාතෙන් ඡුන්ද නොලැබීම තුළින් එම අනතුරුදායක තත්ත්වය සනාථ වේ.

එසේම හමුදා බුද්ධි සේවාවේ 3500 ක් සිටියත් ඔවුන්ට මේ ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුරු නොලැබීම ද විශ්මයජනක ක‍්‍රියාවකි.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More