අහිංසක මිනිසුන්ගේ උණු ලෙයින් තෙත්වුණු පාස්කු ඉරිදාවට වසරක් ගෙවුණත්, අමතක නොවන මතක අතරේ සැරිසරමින් තවමත් ජීවිතය සොයන හදවත් ගණන අපමණයි.
සාහසිකයින් පිරිසකගේ වියරුව නිසා, අදටත් , තත්පරයෙන් තත්පරය මැරි මැරී ඉපදෙන කී දෙනෙක් අප අතරේ ඉන්නවාද..
මේ ඒ ආදරණීයයන්ගේ කඳුළු කතාවයි.
අලුත්කඩේ ශා.සෙබස්තියන් දෙවස්ථානාය් ගරු.ජොයි මරියරත්නම් පියතුමා –
‘වෙලාව 8.45යි.මම සද්දෙට බැලුවා. ෆාදර් ජෝයි මගේ අත අල්ලගත්තා. ඒ වෙලාවේ තමයි මට කිව්වේ බෝම්බයක් කියලා. දෙවියන් යදින්න ආපු මිනිස්සු හැමතැනම මැරිලා වැටිලා හිටියා. මං දැක්කා පොඩි දරුවන්ගේ සපත්තු, කිරි බෝතල්, බෑග් හැමතැනම වැටිලා තිබුණා“
කොච්චිකඩේ සිද්ධස්ථානය අසල ජීවත් වූ සරණ්‍යා සිය සැමියා සමග එදින පාස්කු දේව මෙහෙයට එක්ව තිබුණි.
සරන්‍යා-“මම බැඳලා මාස 11යි. මහත්තයා එක්ක පළවෙනි වතාවට දේව මෙහෙයට ගියා. හරි සංතෝෂයෙන් ගියේ. බඩේ බබා හිටියා. මාස 9යි.“
එම සතුට කඳුළක් වීමට ගතවූයේ නිමේෂයක් පමණයි.
“මම ඇස් අරලා බැලුවා. අතයි කකුලයි බැරුව මම වැටිලා හිටියේ. මුස්ලිම් කෙනෙක් තමයි මාව නැගිට්ටලා ඉස්පිරිතාලේ අරගෙන ගියේ. 22 බබා සිසර් කරලා ගත්තා.
මහත්තයා නැහැ කියලා පස්සේ මට කිව්වේ.බබා තාත්තාව දැකලත් නැහැ. තාත්තව බබා දැකලත් නැහැ. මට තනියම වැඩක් කරගන්නත් බැහැ. එහෙම ගිහින් වැටුණොත් මගේ ජීවිතේ නැතිවෙනවා කියලා තියෙනවා.“
පුංචි ක්‍රිෂ්ටිට හෙටට අවුරුද්දක් සපිරුණත් එය කෙසේ සමරන්නද?
වෙනදා මෙන් ප්‍රබෝධවත්ම දෙව් මැදුරට ගිය ෂැනෝන් නැවත පැමිණෙන විට ඒ සුන්දර මුහුණේ දක්නට තිබුණේ දරුණු පිළිස්සුම් තුවාල.
ෂැනෝන් -“බෙහෙත් ඔක්කොම තාම කරනවා. මගේ වැඩ ඔක්කොම කරන්නේ මගේ ලොකුඅම්මා.“
එමෙන්ම, මිලේච්ඡ ත්‍රස්තවාදීන් විසින් පුංචි ෂැනෝන්ගෙන් මව් සෙනෙහසද උදුරාගෙන තිබුණි.
එවකට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සහය මීසම් සේවක ගරු සුදර්ශන සමීර රොද්‍රිගෝ පියතුමා –
“අපි දිව්‍ය පූජාව කරගෙන හිටියා.අපි ඉදිරිපිට වහළය කඩාගෙන වැටුණා.දුමාරයක් ගියා.මිනිස්සු කෑ මොර දුන්නා. සමහරුන්ගේ අත් පා නැහැ. හැමෝම කිව්වා බෝම්බයක් පුපුරලා කියලා.“
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් වැඩිම හානියකට පත්වූ කටුවපිටිය ජනතාව අදටත් එම මතකය ගැන කඳුළු සලනවා.
සියෝන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් මා පිය සෙනෙහස අහිමි වූ රූබේෂ් හා කෙබීට අද මවත් පියත් දෙදෙනාම අත්තම්මා පමණයි.
ප්‍රහාරයෙන් වයස අවුරුදු 07ක් වු පුංචි කෙබිගේ දෑසට සිදුවු හානිය ත්‍රස්තවාදයේ කුරිරුබව තව තවත් ලොවට කියාපානවා.
කෘර ත්‍රස්තවාදින් විසින් කිතුණු ජනතාව ඉලක්ක කර දෙවස්ථාන වල බෝම්බ පුපුරුවා හැරියාසේම, ඔවුන්ගේ එම නින්දිත ක්‍රියාවේ තවත් ගොදුරක් බවට මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් සංකිර්ණ කිහිපයක සිටි සංචාරකයින් ඇතුළු පුද්ගලයින් පිරිසක් පත්වුණි.
ඉන් පළමු බෝම්බය මොහොමඩ් අසාම් මොහොමඩ් මුඛාරක් නම් බොම්බකරු විසින් පුපුරුවා හැරියේ පෙරවරු 8.47ට පමණ කිංග්ස්බරි හෝටලයේදියි.
පාස්කුවේ නීච ත්‍රස්ත ප්‍රහාරයේ මහාමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂිම් සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගනු ලැබුවේ කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදියි.
ඒ පෙරවරු 8.50ට පමණයි.
එම බොම්බය පිපිරි ගොස් මිනිත්තු 14කට පමණ පසු සහරාන් හෂිම් සමඟ ෂැන්ග්‍රීලා හෝටලයට පැමිණි අනෙක් බොම්බකරු වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් තම බෝම්බය පුපුරුවා හැරියාය.
පළමු බොම්බයෙන් බේරි දිවි රැකගැනීමට දිව එන කුඩා දරුවන් පිරිසක් කුරිරු ත්‍රස්තවාදියාගේ ඉලක්කය බවට පත්වන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුනේය.
ෂැන්ග්‍රීලාහි දෙවන ප්‍රහාරකයාගේ සොහොයුරු මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් විසින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරියේ පෙරවරු 9.12ට පමණයි.
මෙම ප්‍රහාරකයා වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු ලෙසද පසුව හඳුනා ගැණුනි.
එසේම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි බෝම්බකරු දෙවරක් බෝම්බය පුපුරුවා හැරීමට උත්සහ කර එය පිපිරි නොයාම හේතුවෙන් නැවත හැරීයන අයුරු ආරක්ෂක කැමරා දර්ශන වල සටහන්ව තිබුණි.
එසේ හැරිගිය බෝම්බකරු වන අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් නැමැත්තා එම බෝම්බය පුපුරුවා හරින ලද්දේ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම් හල තුළයි.
ප්‍රහාර මාලාව පිළිබඳ සිදුකළ විමර්ශනයන්ට අදාළව එදින පස්වරුවේ ආරක්ෂක අංශ විසින් දෙමටගොඩ මහවිල උද්‍යානයයේ පිහිටි නිවසක් පරික්ෂා කිරීමට උත්සහ දැරීමේදි එහි සිටි ගර්භනි කාන්තාවක් තවත් බෝම්බයක් පුපුරුවා හැරියාය.
අදාළ කාන්තාව ෂැන්ග්‍රීලා ප්‍රහාරක ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ බිරිද ලෙස පසුව හඳුනා ගැනුනු අතර එම ප්‍රදේශයේ සිදුකරන ලද විමර්ශනයන්හිදි ත්‍රස්ත ප්‍රහාර සිදුකළ ඉබ්‍රාහිම් සොයුරන්ගේ පියා වන පෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරිකයෙකුව සිටි මොහොමඩ් ඊබ්‍රාහිම්වද අත්අඩංගුවට ගනු ලැබුවේය.
කොච්චිකඩේ ශාන්ත. අන්තෝනි දේවස්ථානයේ බෝම්බය පුපුරා ගිය පසු එම ස්ථානයේ එක්රැස් වන ජනතාව ඉලක්ක කර වෑන් රථයක සවිකර තිබු අධිබලැති බෝම්බයක් ප්‍රහාරයට පසුදින ආරක්ෂිතව පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ සමත් වුණි.
ප්‍රහාරයෙන් දින පහකට පසු ආරක්ෂක අංශ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදුකළ සොදිසි මෙහෙයුමකදි නිවසක් තුළ සැඟව සිටි ත්‍රස්තවාදින් සමඟ සබඳතා පැවැත්වු තවත් පිරිසක් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීමෙන් මියගියා.
එහිදි කුඩා දරුවන් 06 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු මියගිය අතර එම පිරිස අතර සහරාන් හෂිම්ගේ පියා සහ සහෝදරයාද වුණි.
කෙසේ වෙතත් අසරණ මිනිස් ජීවිත සිය ගණනක් බිළිගත් ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ සහ දරුවා මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන තිබුණි.
ප්‍රහාරය සිදුවු ස්ථානයේ ආරක්ෂක අංශ කළ සෝදිසියෙදී ඔවුන්ව සොයා ගැනීමෙන් පසු නිරුපද්‍රතව රෝහල් කරා යොමුකළේ මෙරට ආරක්ෂක අංශ සතු මනුෂ්‍යත්වයේ ගුණාංගය ලොවට යළි යළිත් පසක් කරමින්ය.
කෙසේ වුවද සිත්පිත් නැති ත්‍රස්තවාදින් කණ්ඩායමක් වසරකට පෙර මෙරට සිදුකළ ත්‍රස්ත ප්‍රහාර මලාවෙන් අහිමි වු සමස්ත මිනිස් ජීවිත සංඛ්‍යාව 269කට ආසන්නයි.
ප්‍රහාරයත් පසු ගෙවිගිය සෑම මොහොතකම මෙම ප්‍රහාරය පිළිබඳව පුර්ව දැනුවත් කිරීමක් සිදුව තිබු බව සමාජය හමුවේ හෙළිදරව් වෙද්දි, වගකිව යුතු පාර්ෂව ත්‍රස්තවාදින්ට සහ පුර්ව දැනුවත් කිරීම් නොසලකා හැරි නිලධාරින්ට විධිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කළාද?
පාස්කුවේ මියගිය අපගේම සහෝදරත්වයට සධාරණත්වයක් යුක්තියක් ඉටුවුනාද?
අද දෙරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...