අද ඉරිදාවක් නොවෙයි. ඒත් අදට ගිය අවුරුද්දෙ පාස්කු ඉරිදා ගෙවිල වසරක් ගත වෙනවා. පාස්කුව යුදෙව්වන්ගෙන් ලැබුණු එකක්. ඒක චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වෙලා තියෙන්නෙ. පාස්කු දිනය ජූලියන් දින දර්ශනයට අනුව වසරින් වසර හුඟක් වෙනස් වුණා. ග්‍රෙගරියානු දින දර්ශනය සකස් කිරීමටත් මේ කරුණ මුල් වුණා. පාස්කු ප්‍රහාරය පන්සල්වලට එල්ල කෙළේ නැත්තෙ ඇයි කියල බොහෝ දෙනා ඇහුව. මාත් ඇහුව. මා යම් යම් පිළිතුරුත් දුන්න. මුස්ලිම් අන්තවාදීන්ට සිංහල බෞද්ධයන් උසි ගැන්වීමට වුවමනාවක් නොතිබුණේ ඇයි? පසුව අපි ඒ ගැන කෙටියෙන් කතා කරමු. දැනට නැවතත් කෙටියෙන් මැතිවරණය හා පෙරේදා ජනාධිපති සමග ලලිත් වීරතුංග සාකච්ඡාව ගැන යමක් කියන්න ඕන.
ඒ සාකචඡාව විශිෂ්ට අන්දමින් පැවැත්වුවා. ඇතැම් සාකච්ඡා මෙහෙයවන්නන් මෙන් ලලිත් වීරතුංග ප්‍රශ්න අසා තමන් ම පිළිතුරු දෙන්න ගියේ නැහැ. ඒ සාකච්ඡාව මූලික වශයෙන් ආර්ථිකය පිළිබඳව. රට අකර්මණ්‍ය කරල හුඟක් කල් තියන්න බැහැ. ආර්ථිකයට ප්‍රශ්න එනවා. ඇතැම් බටහිර රටවල් ආර්ථිකය දිගට ම පවත්වාගෙන යන්න උත්සාහ කරන්නෙ ඒකයි. මේ ගැනත් පසු දිනෙක ටිකක් විස්තරාත්මක ව කතා කරන්න ඕන. ඊයේ කතාබහෙන් පැහැදිලි වුණු කරුණු රාශියක් තියෙනවා
එකක් තමයි අප කවුරුත් දන්නා පරිදි ආර්ථිකය 50%ක් පමණ බස්නාහිර පළාතට සීමා වීම. මෙය වෙනස් කිරීමට වහා ම පියවර ගන්න ඕන. බස්නාහිර පළාතේ තදබදය රටට ම අහිතකරයි. දේශපාලනය ආරක්‍ෂාව ඉඩම් පාලනය ආදිය හැරෙන්න ආර්ථිකය පරිපාලනය අධ්‍යාපනය සහ තවත් දේ විමධ්‍යගත කරන්න ඕන. අපේ සේවාවන් හැකිතාක් දුරට නිවසේ සිට හෝ නිවස ආසන්නයේ හෝ ලබා දීමට සැලැස්විය යුතුයි. කාන්තාවන් කොහොමටත් නිවස ආසන්නයට සීමා කරන්න ඕන. එය දරුවන්ට හොඳයි. මහා පරිමාණ ආර්ථිකයක් ගැන නොව ගෘහස්ථ හා සුළු පරිමාණ ආර්ථික ගැන කල්පනා කරන්න ඕන. නිවසේ සිට වැඩ කරන්න පුළුවන් තාක්‍ෂණය හැකිතාක් යොදා ගන්න ඕන. හැකිතාක් ගමනාගමනය අඩු කරන්න ඕන. ස්වයංපෝෂිතය හා බෙදා හැරීම පිළිබඳ තව තවත් හිතන්න ඕන. ඒ සඳහා පිටරට පුහුණුවට පුද්ගලයන් යැවීම අවශ්‍ය නැහැ.
මැතිවරණය ගැනත් යමක් කියන්න ඕන. මා උගතකු බුද්ධිමතකු වියතකු නොවන නිසා මට එතරම් දෙයක් කියන්න තිබුණේ නැහැ, ඒත් මා දිගින් දිගට ම කියා සිටි දෙයක් නම් මැතිවරණ කොමිසම මැතිවරණ පනතේ 24(3) යටතේ අප්‍රේල් විසිපහ නැතුව වෙනත් දිනයක් නියම කළ යුතු බව. ඔවුන් එය කරන්නේ නැත්නම් ජනාධිපතිට 113 යටතේ ක්‍රියා කරන්න පුළුවන් බව. අවසානයේ දී ඊයේ කොමිසම තීරණයක් අරගෙන.
මා ඊයේ පෙරේදාත් කී දෙයක් මෙසේ සටහන් කරනවා. බැරිවෙලාවත් මැතිවරණය අස්සෙ කොවිඩ් නැවත මතුවුණොත් ප්‍රශ්නයක්. එ නිසා තමයි මා කියන්නෙ මැයි අග මැතිවරණය දෙයියන්ගෙ පිහිටෙන් තියා ගන්න පුළුවන් වේවි කියා හිතන බව. කොවිඩ් නැවත මතු වෙන්න තියෙන සාධක කිසිවකුට හරියට කියන්න බැහැ. දෙයියන්ගෙ පිහිට තමයි බලාපොරොත්තු වෙන්න තියෙන්න.
මැතිවරණ කොමිසම දැන් තීරණය කරල මැයි මස අග මැතිවරණය පවත්වන්න බැහැ කියල. දෙයියන්ගෙ පිහිට ලැබෙන්නෙ නැති බවයි පැහැදිලි වෙන්නෙ. මැතිවරණය ජූනි 20 පැවැත්වීමට තීරණය කරලා. මා ඊයේ (අප්‍රේල් 20) කියා සිටියේ බස්නාහිර පළාතෙ මැතිවරණය අඩු තරමෙන් මාස දෙකකට පවත්වන්න බැරි බවත් අනෙක් දිස්ත්‍රික්කවල වෙනත් දිනවල මැතිවරණය පැවැත්වීමට සිතන ලෙසත්. කොමිසම තීරණය කරලා කොළඹත් අනෙක් හැම තැනමත් මැතිවරණ එක දවසෙ මාස දෙකකින් පවත්වනවා කියල. එය වුණත් කරන්න පුළුවන් කියල සහතිකයක් දෙන්න බැහැ.
අප ඉන්නේ සම්භාව්‍ය බටහිර විද්‍යා යුගයේ නොවන බවත් නිශ්චිත පිළිතුරු හැම තැනක දීම බලාපොරොත්තු විය නොහැකි බවත් පඬියන් දන්නේ නැතිව ඇති. ඔවුන් දන්නේ බටහිර විද්‍යාවට බටහිර යැයි නොකීමට පමණයි. බටහිර වෙදකමේ හා පාරම්පරික වෙදකමේ වෙනසක් නැතිව ඇති. ඒහෙනම් පාරම්පරික වෙදකමට බටහිර රෝහල්වලත් ඉඩ දෙන්න ඕන. සමහරවිට පාරම්පරික වෙදකම වෙදකමක් ලෙස පඬියන් නොපිළිගන්නවා ඇති.
එතකොට අර ජුනි තුන්වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න ඕන බව කී එක. අප කියා සිටියා බැරි දෙයක් කරන්න කියා අණ කරන්න නීතියට බැහැ කියලා. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂත් ඒ කතාව කිවුව. මේ තිබෙන තත්ත්වයන් යටතේ ජුනි තුන්වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. මැතිවරණ කොමිසමත් දැන් ඒ බව පිළිගන්න නිසා තමයි ජුනි විස්සට මැතිවරණය කල් දාලා තියෙන්නෙ. දැන් හැමෝම කියාවි ජූනි තුන්වැනි දාට පෙර මැතිවරණය තියන්න බැහැ කියලා.
දැන් පාස්කු ප්‍රහාරයට. පාස්කු ප්‍රහාරය මුස්ලිම් කතෝලික/ක්‍රිස්තියානි යුද්ධයක පළමු පියවර. එය ලංකාවේ දී ක්‍රියාත්මක කෙරුණේ එකල මෙරට බුද්ධි අංශ අතිශයන් ම දුර්වල නිසා. දැන් තියෙන කොවිඩ් 19 එහි දෙවැනි පියවර. එය ලෝකය පුරා ම පැතිරිලා. වැඩියෙන් ම ආපදාව ප්‍රධාන ක්‍රිස්තියානි/කතෝලික රටවලට. ඔවුන් සමහරු කෙසේ නමුත් ආර්ථිකය පවත්වා ගෙන යන්න උත්සාහ දරනවා. ඔවුන්ට ආර්ථිකය මනුෂ්‍යත්වයට වඩා වටිනවා. අපට ආර්ථිකයට වඩා මනුෂ්‍යත්වය වටිනවා. මේ යුද්ධයට තුන්වැනි පියවරක් ද තියේවි. එය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ ආර්ථික තලයේ. මෙය අවුරුදු පන්සීයක මුස්ලිම් – ක්‍රිස්තියානි/කතෝලික යුද්ධයක් නැවත පණ ගැන්වීමක්. අප හැකිතාක් මේ යුද්ධයෙන් ඈත් ව ඉන්න ඕන. අපේ ආර්ථිකය ගැන අලුතෙන් හිතන්න වෙන්නෙ එවැනි පසුබිමක.
කොවිඩ් 19 ඇතිවුණේ වූහාන් ප්‍රදේශයේ නො වෙයි. ට්‍රම්ප් එසේ කියන්නේ මේ යුද්ධයේ තුන්වැනි පියවර වූ ආර්ථික යුද්ධයට සූදානම් වෙමින්. වූහාන් ප්‍රදේශයට කලින් යුරෝපයේ තැන් තැන්වල ඇති වුණා. ඒ සම්බන්ධ ලිපියක් මා කලින් පළ කර ඇති.
මේ තැන්වල හමුදා කඳවුරු හා පරීක්‍ෂණාගාර තිබුණා. කොවිඩ් 19 ඇති වුණේ කෙසේ දැයි බටහිර විද්‍යාවෙන් තේරුම් ගන්න බැහැ. කොවිඩ් 19 මිහිතලයට ගෙනාවෙ ඔය පරීක්‍ෂණාගාර හරහා නාගයන්හේ ආධාරයෙන් අමනුෂ්‍යයන් යැයි කියන්න පුළුවන්. මා පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් මෙන් උගතකු නො වෙයි. ඒ නිසා මට මේව කියන්න පුළුවන්.
පඬියන් අමනුෂ්‍යයන් දැක නැහැ. ඔවුන් වයිරස හරි වයිරයන හරි දැකලත් නැහැ. මාත් දැකල නැහැ. පඬියන් කියාවි වයිරන (ඔවුන්ට නම් වයිරස) දැකපු අය ඉන්නවා කියා. අමනුෂ්‍යයන් දැකපු අයත් ඉන්නවා. වයිරයන දකින්න පුහුණුවක් අවශ්‍යයි. අමනුෂ්‍යයන් දකින්නත් පුහුණුවක් අවශ්‍යයි. වයිරයන දැකපු අය පඬියන්ට හමුවෙලා තියෙනවා ද? අමනුෂ්‍යයන් දැකපු අය මට හමු වෙලා තියෙනවා. ඒත් ඒ කිසිවක් කිසිවකු මිනිසුන්ගෙන් (මනසින්) තොරව පවතින්නේ නැහැ. ගණිතය පවතින්නේත් නැහැ. කුලකවාදය ගණිතඥයන් නිර්මාණය කළ පට්ටපල් බොරුවක්. දේවානම්පිය තිස්ස රජුත් ඒ බව දැන හිටියා.
ආචාර්ය නලින් ද සිල්වා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...