එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්වී නව නායකත්වයක් පත්කළ යුතු බවට පක්ෂය තුළ මතුව තිබෙන සංවාදයත් සමග නව නායකත්වය සඳහා සිවුකොන් සටනක් මතුවී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
උපනායක සජිත් ප්‍රේමදාස කථානායක කරු ජයසුරිය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් නායක්ත්වයට පත්කළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරයේ මතුව තිබෙන තත්ත්වය නිසා මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වී ඇත.
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කරගෙන ඉදිරි පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවියයුතු බවට ප්‍රසිද්ධියේම ඇතැම් දේශපාලඥයින් ප්‍රකාශ සිදුකිරීමට පටන්ගෙන ඇත.
තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂය යළි සේනානායක යුගයකට ගෙනයාම සඳහා කථානායක කරු ජයසුරිය මහතා පක්ෂ නායකත්වයට පත්කළයුතු බවයි. සිංහල බෞද්ධ ජනතාවගේ සහායද කරු ජයසුරිය මහතාට හිමිවන බව එම පිරිස පෙන්වා දෙයි.
ගාමිණි දිසානායක මහතාගේ පුත් නවීන් දිසානායක මහතාට හොඳ දැක්මක් තිබෙන නිසා ඒ මහතාට පක්ෂ නායකත්වය ලබාදිය යුතු බවද තවත් කණ්ඩායමක් ප්‍රකාශ කරති.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අධ්‍යාපන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද නායකත්වය සඳහා පත්කරන ලෙසටද ඉල්ලීමක් ඉදිරිපත්වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වෙනවානම් ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන්ම කෙනෙකු පත්කළයුතු බවට යෝජනා කරන පිරිස් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම යෝජනා කර ඇත. ඊට අමතරව අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ මහලේකම්ධුරයට පත්කරන ලෙසට මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...