දේශීය පුවත්

ජනාධිපති සමාව යටතේ සැරයන් සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය වන මීරා ශ්‍රීනිවාසන් පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දිනයේ (21 වැනිදා) දෙමළ භාෂාවෙන් පළ කෙරෙන තිනකුරල් පුවත්පත අදාළ පුවත වාර්තා කර ඇති බවයි.

මෙලෙස සුනිල් රත්නායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇතැයි පැවසෙන්නේ ඝාතනයට ලක්වූවා යැයි කියන පුද්ගලයන් අටදෙනාගෙන් එක් අයකුගේ ඥාතියකු විසිනුයි.

2000 වසරේදී යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයන් අටදෙනකු ඝාතනය කළ බවට චෝදනා ලැබ සිර දඬුවම් විඳිමින් සිටි සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව යටතේ පසුගිය මාර්තු 25 වැනිදා නිදහස ලබාදෙනු ලැබුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More