දේශීය පුවත්

වෛරසයට එරෙහි සටනේදී ආධාර ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට හමුදා යවන පුවත ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දියානු පීටීඅයි පුවත් සේවය ඊයේ (21) වාර්තා කර තිබුණේ ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලට වෙන වෙනම කණ්ඩායම් යෙදවීමට සූදානම් වන බවයි.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා කලාපයේ සියලුම මිත්‍ර රටවලට උදව් කිරීමේ ඉන්දියාවේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය සඳහා කණ්ඩායම් සූදානම් වෙමින් සිටින බව PTI වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, ඉන්දීය මහ කොමසාරිස් ආරංචි මාර්ග කියා සිටියේ ශ්‍රී ලංකාවට හමුදාව යෙදවීමට කිසිදු පියවරක් නොමැති බවයි.

==============================

කොරෝනාවට එරෙහිව ඉන්දිය හමුදාව ලංකාවට

කොරෝනා වෛරසය වර්ධන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යෙදවිමට කටයුතු කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ශ්‍රී ලංකාව, බංගලාදේශය, බූතානය සහ ඇෆ්ගනිස්ථානයට මෙලෙස ඉන්දීය හමුදාවේ කණ්ඩායම් යොදවා තිබේ.

මේ අතර පසුගිය දා හමුදා නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මාලදිවයිනට පිටත් කර තිබුණේ ය.

ඒ රටට කොරෝනා වෛරස පරීක්ෂණ සඳහා සහ මර්ධන කටයුතු වලට සහාය දීම සඳහාය.

මූලාශ්‍ර – m.economictimes.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More