විදේශ පුවත්

යුරෝපා මහාද්වීපය පුරාම පැතිරුනු COVID-19 වෛරස් වසංගතය හේතුවෙන් යුරෝපා සංගමය  වර්තමානයේ මුහුණ දෙන ආර්ථික ආගාධයෙන් ගොඩ ඒම පිණිස  ක්ෂණික මුල්‍යමය එන්නත් අවශ්‍යය බව යුරෝපා ආර්ථික කොමසාරිස් පාවලෝ ජෙන්ටිලෝනි මහතා අවධාරණය කර සිටී. ඒ අනුව,පාවලෝ ජෙන්ටිලෝනි මහතා යුරෝපා සංගමයේ නායකයන් COVID-19 වසංගතය මැඩපැත්වීම වෙනුවෙන් පැවැත්වූ සමුළුවේදී ප්‍රකාශ කර ඇත්තේ අර්බූදය සමනය කිරීම පිණිස ඩොලර් ට්‍රිලියන 1.5ක් අවශ්‍යය බවයි.

යුරෝපා සංගමයේ ආර්ථික සහ මූල්‍යය කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා සඳහන් කරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපා සංගමය මුහුණ දෙන ආර්ථික අවපාතයට මුහුණ දෙන බවයි.මෙම තත්වය යුරෝපා සංගමය තවදුරටත් එක් ආර්ථික ක්‍රමවේදයක් එක් දේශපාලන දැක්මක් යටතේ ක්‍රියාත්මක වීමද අභියෝගයට ලක් වීමට නියමිත බවද ඔහු අවධාරණය කර සිටී.

ජෙන්ටිලෝනි මහතා ජාත්‍යන්තර මුල්‍යය අරමුදල උපුටා දක්වමින් වැඩිදුරටත් පවසා සිටින්නේ එම ආයාතනය පුරෝකතනය කරන ආකාරයට යුරෝපා සංගමයේ දළ දේශීය නිෂ්පාදනය මේ වසරේදී 7.5%කින් කඩා වැටීමට නියමිත බවයි.නමුත් ඔහුට අනුව 2009 වසරේ පැවැති ලෝක ආර්ථික අර්බූදය හමුවේ යුරෝපා සංගමයේ දළ දේශීය නිෂ්පාදනය කඩා වැටුනේ 4.4%කින් පමණි. ජෙන්ටිලෝනි මහතා ඉතාලි ජාතිකයෙක් වුවද ඉතාලි ආන්ඩුව යෝජනා කරන යුරෝපා සංගමයේ සුරැකුම්පත් නිකුත් කිරීමේ යෝජනාවට ඔහු දැඩිව විරුද්ධ වන්නෙකි.

ජර්මනියද ඉතාලියේ එම යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටී.ඔහුගේ තර්කය වන්නේ යෝජිත ප්‍රවේශය “පසුගාමී” ප්‍රවේශයක් බවත් එවැනි පසුගාමී ප්‍රවේශ යුරෝපා සංගමය හෙම්බත් කරවන බවත්ය.යුරෝපා සංගමය ඇතිවී තිබෙන අර්බූදය හමුවේ ඇද වැටීම නැවැත්වීමට නම් යුරෝපා සංගමයටම පොදු වන ක්‍රමවේදයක් මගින් හදිසි මුල්‍යය උපකාර ලැබීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ඔහු අවධාරණය කර සිටී.
කෙසේ වුවද යුරෝ කණ්ඩායම හෙවත් යුරෝපා කලාපයේ මුදල් අමාත්‍යයවරු මේ වන විට යුරෝපා සංගමයට යුරෝ මිලියන 500ක මුදලක් ලබා දී ඇත්තේ සෞඛ්‍යය වියදම් සහ මධ්‍යම පරිමානයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය වෙනුවෙනි.එහෙත්යුරෝපා සංගමයට තවත් යුරෝ ට්‍රිලියනයක මුදලක් අවශ්‍යව තිබේ. “ඔරලෝසුව කැරකෙමින් පවතී. අපට වෛරසය සාමකාමී වන තෙක් බලා සිටිය නොහැකියි. ප්‍රතිසංස්කරණය මේ දැන්ම ආරම්භ කළ යුතුයි.”යනුවෙන් ජෙන්ටිලෝනි මහතා අවධාරණය කළේය.

 

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර –  https://www.rt.com/news/486286-eu-need-trillion-recover-coronavirus/

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More