දේශීය පුවත්

ජුනි මස 02වන දිනට පෙර අභිනව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරව කැඳවීමට හැකි වන සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව දැන් පැහැදිලි බැවින් ජනාධිපතිවරයා 2020.03.02 දින පාර්ලිමේන්තුව විසුරුවමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි වී යන බවත් ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළිකැඳවීමට කටයුතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන එම්. ඒ. සුමන්දිරන් මහතාත් අජිත් පෙරේරා මහතාත් ප්‍රකාශ කරතිබුණි. ඒ සම්බන්ධයෙන් අප නීතීඥ කපිල ගමගේ මහතාගෙන් විමසුවෙමු.

මේ ඔහුගේ පිළිතුරයි.
“ඒ කතාව කිසිම නීතිමය පදනමක් නැති කතාවක් බව ඔවුන් දන්නවා. ඒ ප්‍රකාශයට අදාල කිසිදු වගන්තියක් හෝ වෙනත් නෛතික ප්‍රතිපාදනයක් දැක්වීමට ඔවුන් කටයුතුකර නැහැ. එහෙම නෛතික ප්‍රතිපාදනයක් ඇත්තෙත් නැහැ. මේ හදන්නේ ඔවුන්ට අවශ්‍ය දේ ශ්‍රේෂ්ඨාධිකරණය ලවා ප්‍රකාශ කරවා ගැනීමටයි.

අධිකරණයට යන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. අධිකරණය තමයි තීරණය කරන්නේ ඒ නඩුව භාරගන්නවද, එතන නඩුවක් තියෙනවද, ඉල්ලන සහන ලබාදිය හැකිද කියන කරුණු.

අපි බලන්න ඕන මේ කෙක්කෙන් හෝ කොක්කෙන් පැවති පාර්ලිමේන්තුවම යළි කැඳවාගන්නට ඔවුන් උත්සාහ කරන්නේ ඇයිද කියන කාරණය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව පැවති පාරලිමේන්තුව යළි කැදවීම නෙවෙයි මේ කරන්නට උත්සාහ කරන්නේ. මේ හදන්නේ පැවති පාර්ලිමේන්තුව විසුරුනේ නැත කියන පදනමේ ඉඳගෙන කටයුතු කරගෙන යාමටයි. මේ විදියට පාර්ලිමේන්තුව විසිරවීම බලරහිත බවට අධිකරණය තීන්දු කළත්, ඊට පසුදාම අලුත් ගැසට් නිවේදනයකින් නැවත පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලය දැනටමත් ලැබී අවසන්. ඔය කියන විදියට කැඳවාගැනීමට බලාපොරොත්තුවන පාර්ලිමේන්තුවට එක දවසකට වඩා ආයුෂ නැහැ.

මේ හදන්නේ වෙන යමක් නෙවෙයි, හොර පාරෙන් යළි බලය ලබා ගන්නයි. ඒකට උත්සාහ කරන්නේ හැටනම ලක්ෂයක ජනවරමකින් පරාජය කරන ලද කල්ලියක්. මේ වන විට සියක් ලක්ෂයකට අධික ජනතාවකගේ ජන ප්‍රසාදය හිමි කරගෙන සිටින රජයක් පෙරලන්නයි මේ උත්සාහය. පෙරුම් පුරල බුදුවෙන්න තරම් සුදුසුකම් නොතිබුනු දේවදත්ත හිතුවෙත් මේ විදියටයි. එනම් බුදුන් මරා බුදුවිය හැකියි කියලයි. මෝහයෙන් මුලාවී මේ කරන සෙල්ලමේ අවසන් වින්දිතයන් වන්නේ රටයි. මේ අවස්ථාව එහෙම සෙල්ලම්වලට නිරාවරණය කර ගිනි ගොඩකට රට තල්ලු කළ යුතු අවස්ථාවක් නෙවෙයි. මේ කොරෝනා සහායක සියළුදෙනා එය තේරුම්ගත යුතුයි.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More