ප‍්‍රධාන පුවත්

වලදිමීර් ඉලිච් ලෙනින්
22/04/1870 – 21/01/1924

අද දින වී අයි ලෙනින් ගේ එකසිය පනස් වෙනි ජන්ම දිනය සමරන අවස්ථාවේ මට හිතුනා ලෙනින් ගැන යමක් ලියන්න ඕනේ කියලා. මෙතැනදී මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාගේ ජීවිත කතාවත්, එහෙමත් නැත්නම් එයාගේ පොත් පත් ගැනවත්, වෙන තව ගොඩාක් විස්තර ගැනවත් ලියන්න, මොකද ඒවා අද ඕනතරම් අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න පුළුවන්. මගේ මේ ලිපියේ ප්‍රධාන අරමුණ ලෙනින් හින්දා ලෝකෙට ලැබන දේවල්වලින් සුළු කොටසක් පිළිබඳ මගේ පෞද්ගලික අත්දැකීම් අනුව පාඨක ඔබව දැනුවත් කරන්න.

මම රුසියාවේ අධ්‍යාපනයට ගියේ 1985 වසරේ, ඒ කාලේ සෝවියට් දේශයේ කොමිනියුස්ට් තන්ත්‍රය යටතේ පාලනය වෙච්ච රාජ්‍යයක්. මිහායිල් ගොර්බචොෆ් ගේ නායකත්වයෙන් මේ කියන වකවානුවේ පවතින ක්‍රමයේ තිබුන යම් යම් අඩුපාඩුකම් මගහැර ගැනීමට ඒගොල්ලො පිරිස්ත්‍රොයිකා  හා ග්ලාස්නොස්ට් කියලා ක්‍රමවේද දෙකක් අනුගමනය කරන්න ගත්තා. මේක පිළිබඳව බටහිර විශාරදයන් සහ කොමියුනිස්ට් විරෝධී රුසියානු එක එක කෝණ වලින් නොයෙකුත් විග්‍රහයක් කරන්න ගත්තා. ඉහත කී ක්‍රම දෙක පටන් ගැනීමත් සමගම රුසියාවේ කොමිනියුස්ට් තන්ත්‍රය ක්‍රමයෙන් බිඳ වැටෙන්න ගත්තා, අවසානයේ ඊළඟට පත්වූ නායකයාගේ සමයේ සෝවියට් දේශය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඇත්තටම උනේ මොකක්ද කියලා හැරිලා බැලුවහම පේනවා ලෙනින්ලා අවංකව පටන් ගත්ත ක්‍රමවේදය හරියාකාරව පවත්වාගෙන යන්න ඊට පස්සේ හිටිය නායකයන් අපොහොසත්වීම තමයි මේ කඩාවැටීමට හේතුව කියලා. අද චීනය අති සාර්ථකත්වයක් දක්වා ගමන් කරල තියෙන්නෙ ඔවුන්ගේ නායකයන් එදා පටන් ගත් ක්‍රමය ඊට පසුව සිටි නායකත්වය හරියාකාරව, නිවැරදි දැක්මකින් යුතුව, කාලානුරූපව වෙනස් වෙමින් පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයයි.

සෝවියට් දේශයේ අභාග්‍යකට ලෙනින්ගෙන් පසු බිහිවූ නායකයන්ගෙන් මේ කාර්ය හරි ආකාරව සිද්ද වුණේ නැ, ඒකෙ ප්‍රතිඵලයක් හින්ද තමයි 1993 මේ මහා රාජ්‍යය බිඳ වැටුනේ. එවකට හිටිය කොමියුනිස්ට් විරෝධීන් සහ බටහිර ගැත්තන් පෙන්වලා දුන්නේ මේක ලෙනින් ලගේ වැරැද්දක් විදිහට, ඇත්තටම වැරැද්ද සිදු වුණේ ලෙනින්ලා අතින් නෙමෙයි ඊට පස්සේ සිටි නායකත්වය අතින්. ලියනවනම් ගොඩක් විස්තර තියනවා ලියන්න නමුත් මම තීරණය කළා ලෙනින්ගේ නායකත්වය යටතේ සමාජයට  ලැබුණ අංශ කීපයක් පිළිබඳ මගේ පෞද්ගලික අත්දැකීම් කිහිපයක් මෙහි සටහන් කරන්න හිතුවා.

මම රුසියාවේ අධ්‍යාපනය ලබලා අද මෙරට සේවය කරන ඉංජිනේරුවෙක්, මධ්‍යම පාන්තික පවුලකින් පැවතෙන මට රුසියාවේ නොමිලේ අධ්‍යාපනය ලබන්න භාග්‍ය ලැබුණේ නැත්තං, මට අද මෙතැන ඉන්න ලැබෙන එකක් නැහැ. මේක මට විතරක් නෙමෙයි, ,ලංකාවේ රුසියානු ශිෂ්‍යෂත්ව පමණක් නොව, සමාජවාදී කඳවුරේ ශිෂ්‍යත්ව යටතේ ධ්‍යාපනය ලබලා නැවත අපේ රටට ඇවිල්ලා සේවය කරන ෛද්‍යවරුන් ඉංජිනේරුවන් හා අනෙකුත් අංශවල උගතුන් බොහෝ පිරිසක් ඉන්නවා. එදා 1917 ලෙනින් සමාජවාදී විප්ලවය කරලා රුසියාව ොමිනියුස්ට් රාජ්‍යයක් බවට පත් කරලා, ඊට පස්සේ 1922 සෝවියට් දේශය බිහිකර එය කොමිනියුස්ට් රාජ්‍යයක් බවට පත් නොකලානම් මම ඉහත කිව්ව කිසිවෙකුට මේ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. අද හත ක්‍රමය යටතේ ඉගෙන ගෙන ලංකාවට ඇවිල්ල සමාජවාදයට ගරහන යම් යම් පිරිස් මට මුණගැහිලා තියෙනවා නමුත් ඒ ගොල්ලන්ට ඒ අවස්ථාව ලැබුණේ ලෙනින් බිහිකළ සමාජවාදය නිසා කියන එක අමතක වෙලා. ඇත්තටම කියනවනම් මේ අවස්ථාව අපේ මේ ලංකාවට විතරක් ලැබිච්ච එකක් නෙමේ, මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේ රටවල් 102ක ළමයි හිටියා ඒ ඔක්කොම සංවර්ධනය වෙමින් පවතින අපි වගේ තුන්වෙනි ලෝකෙ රටවල් වලින් ආපු ළමයි. පොඩ්ඩක් හිතලා බලන්න එහෙම ගත්තහම ලෙනින් කරපු දේ හින්දා ඒකෙන් සෘජුවම හා වක්‍රව යහපතක් වෙච්ච මිලියන කීයක් මේ ලෝකේ ජීවත් වෙනවා ඇද්ද කියලා. මේ අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගෙන ගෙන ආපු බොහොමයක් අය අද ලංකාවේ උසස් පුටුවල ඉන්නවා, මේ දවස් වල අපි කවුරුත් කතාබහ කරන අනිල් ජාසිංහ මහත්තයත් සෝවියට් උපාධිධාරියෙක්. ඒ මහත්තයට අමතරව තවත් දහස් ගානක් සෝවියට් දේශය හා අනෙකුත් සමාජවාදී කඳවුරෙන් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් ඍජුවම මේ කොරොණා එරෙහි සටනට විශාල දායකත්වයක් දෙමින් පෙරමුණේ ඉන්නවා.

මගේ නෝනත් රුසියාවේ ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනය ලබා, අද රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදිහට සේවය කරනවා. ඒ වගේම මම දන්නවා තව ගොඩක් ඒ වගෙ අධ්‍යපන ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවා කියලා, ඒගොල්ලෝ හරහා මේ රටේ ළමයි කී දාහක ඇස් පෑදෙනවද,  ඒ ඔක්කොම ව්ලදිමීර් ලෙනින් කියන ඒ මහා දාර්ශනික වාදියාගේ උත්සාහයක ප්‍රතිඵලයක් නේද.  ඉහත කී කාරණාවලට අමතරව තවත් කිව යුත්තක් තියෙනවා, එනම් අපි සියලු දෙනාම දන්න විදිහට මේ දවස් වල කොරෝනා වසංගතයක් එක්ක අද මුළු ලෝකෙම පුදුමාකාර අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ, සංඛ්‍යාලේඛන බැලුවම හොඳට පේනවා රුසියාවේ රෝග ව්‍යාප්තිය සහ ඊට සාපේක්ෂව මරණ සංඛ්‍යාව හුඟක් අඩුයි කියලා. ඊට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දැනට රුසියාවේ තියෙන සෞඛ්‍යය පහසුකමයි. මේකෙත් අඩිතාලම වැටෙන්නේ සෝවියට් දේශයත් එක්ක තිබිච්ච පැවතුණු සෞඛ්‍යය පහසුකමත් එක්ක. එහි හිටිය අවුරුදු හත ඇතුලේ මේ පහසුකමේ තිබිච්ච හුඟක් දේවල් මම අත්වින්දා, රෝගීන් දාහකට වෙද්‍යවරුන් හතරකට වැඩි සංඛ්‍යාවක් හිටිය රටවල් අතර සෝවියට් දේශීය ප්‍රධාන තැනක් ගත්තා. 1992 සෝවියට් දේශය හුඟාක් දුර්වල වෙලා තියෙන වෙලාවක තමයි රුසියාවේ දී අපේ පුතා ඉපදුනේ, ඒත් සත පහක වියදමක් නැතුව ඒ ක්‍රමයේන් අපිට ලැබිච්ච දේවල් අතිමහත්. පුතාව ගෙදර ගිය දවසේ ඒගොල්ලො එයාට සීතලට සහ අනෙකුත් දේවල් වලට අවශ්‍ය ඇඳුම් මල්ලක් අපිට තෑගි කරා, ගෙවල් ලඟ ස්ථානයකින් ළමයාට අවශ්‍ය කරන කිරි ආශ්‍රිත ආහාර ගන්න වෙනම ටෝකන් එකක් දුන්නා, ළමයාට මාසයක් ගත වෙනකන් දිනපතා වෛද්‍යවරියක් ගෙදරට ඇවිල්ලා ළමයගෙ දුක සැප බැලුවා, එකකටවත් අපෙන් සතයක්වත් අය කළේ නැහැ. මේ ටික මදිද ලෙනින් අපිට දුන්න දේ අගය කරන්න. මේක මගේ අත්දැකීම්ක් විතරයි, තව ලක්ෂ කීයකට මේ වගේ පහසුකම් ලැබෙන්නේ ඇද්ද.

කොමිනියුස්ට් ක්‍රමය යටතේ හැම මිනිහෙකුටම රස්සාවක්, ඉන්න තැනක් සහ අනෙකුත් මුලක අවශ්‍යතාවන් සපයපු සෝවියට් ආර්ථිකය බිඳවැටිලා අවුරුදු කිහිපයක් යනකොට තමයි බහුතරයක් මිනිසුන්ට තේරුනේ අපි කරගත්ත හානිය මොකක්ද කියලා. ඉස්සෙල්ලා කිව්වා වගේ හිටපු නායකත්වය ලෙනින් ලෝකෙට හඳුන්වලා දුන්න ක්‍රමය හරියාකාරව හැසිරෙව්වා නම් අද රුසියාව හා වටේ හිටිය අනෙකුත් රාජ්‍යනුත් මීට වැඩිය වෙනස් තැනක ඉන්නේ කියලා මම නං හිතන්නෙ.

සටහන. – ජගත් ආදිපොල



One thought on “අසාහය සෝවියට් රුසියානු නායක වැලැදිමීර් ලෙනින් ගේ 150 වන ජන්ම දින සැමරුම අදයි!”

  1. Communism has done a great service to the people. But a philosophy in the original form is likekly to outlive its usfulness with time. Therefore intelligent people do not throw away good ideas at once. Chinese leaders like Deng Hsiao Ping understood this and brought communism to a slightly different level. This is why important aspects of communism are still practiced in China today. Even Cuba has done this to a lesser degree. This is common to religions as well. Christians brought New Testament against the old. Buddha has encouraged Buddhist Bhikkus to organize periodical Dhamma Sangayana to rid itself from wrong practices. If not for communist ideology same old system of exploitation of workers would have prevailed in the world. Even western capitalists couldn’t shut their minds to the protests of people. As a result big entrepreneurs are now implementing their Corporate Social Responsibility (CSR) programmes. This is the reality.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More