කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ලොව රටවල් රැසක් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින්නේ එදිනෙදා කටයුතු අකර්මණ්‍ය තත්ත්වයක.
එහෙත් ගෙවුණු එම කාලය තුළ ස්වභාව ධර්මයේ සුබදායි වෙනස්කම් රැසක් සිදුව තිබේ.
අද ”ලෝක මිහිතල දිනයේ” ඒ ගැන අප අවධානය යොමු කළේය.
අප වාසය කරන මේ පෘථිවිය හැර අපට ජිවත්වීමට සුදුසු තැනක් තවමත් විශ්වයේ හමු වී නැහැ.
ඕසෝන් වියනක් සහිත වායුගෝලයකින් ආවරණය වූ පෘථිවිය සාගර තලයකින් , ගහකොළ සහිත පොලෝ තලයකින් මෙන්ම නේකවිධ භූ සම්පත් රාශියකින් සමන්විතයි.
එහෙත් වායු දූෂණයත් , පරිසර දූෂණයත් , සමුද්‍ර දූෂණයත් පසුගිය දශක කිහිපය තුළ පෘථිවිය මුහුණ දුන් ප්‍රබල ගැටළු බවට පත්ව තිබුණි.
කෙසේ වෙතත් කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් නගර වසාදැමීමට ගැනුණු තීන්දු නිසා ලොවපුරා පරිසර දූෂණය පහළගොස් ඇති බව පරිසර විද්‍යාඥයන් මේ වන විට අනාවරණ කරගෙන තිබේ.
ප්‍රධාන වශයෙන් වායු දූෂණයෙන් පීඩා විඳි නවදිල්ලිය , වුහාන් , නිව්යෝක් , ලොස්ඇංජලීස් , සියොල් , මුම්බායි ආදී නගර සියල්ලේම වායු දූෂණය ගෙවුණු සති තුනක කාලය තුළ පෙර වසරට සාපේක්ෂව 25% ත් 60% ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව ඒ පිළිබඳ පර්යේෂකයන් පවසයි.
චීනය, ජපානය මෙන්ම කොවිඩ් 19 වසංගතයෙන් වැඩිබලපෑම් එල්ලවු යුරෝපයේද වායු දුෂණය අවම මට්ටමකට පැමිණ තිබීම විශේෂත්වයක්.
වායු දූෂණය අවමවීමත් සමඟ චීනය පුරා නගර රැසක චෙරි මල් පිපීම ඉතා සශ්‍රිකව සිදුව තිබුණේය.
එසේම උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ ජනතාවට වසර 30 කට පසුව සිය නගරයේ සිට සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි හිමාල කඳුවැටිය දැකබලා ගැනීමට හැකි වී ඇත්තේද ඉන්දියාවේ වායු දුෂණය අවම විම නිසයි.
එමෙන්ම ජල දූෂණය වැඩි මට්ටමක පැවති ඉතාලියේ වැනීසිය නගරයේ ජලයද අද වන විට පවිත්‍ර තත්ත්වයක පවතියි.
ශ්‍රී ලංකාවේද මෙවන් සුබවාදී පාරිසරික වෙනස්කම් දක්නට ලැබෙයි.
එසේම කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවයද ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
කර්මාන්තශාලාවලින් ද්‍රවමය අපද්‍රව්‍ය කැලණි ගඟට මුදානොහැරීම සහ මිනිස් ක්‍රියාකාරකම් සීමාවීම මිට ප්‍රධාන හේතුව ලෙස එම අධිකාරය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ වායු දුෂණයට ප්‍රධාන වශයෙන් 60% ක ප්‍රතිශතයක් දායක වන්නේ රථවාහන වල පොසිල ඉන්ධන දහනයෙන් සිදුව වායු දුෂණයයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ඇඳිරි නීතිය පැනවීමත් සමග වායුගෝලයට වාහන දුම සහ දූවිලි අංශ ජනනය විම අඩු වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...