පකිස්තානයේ තබ්ලිග් ජමාත් ඉස්ලාම් ආගමික නිකායේ ෆයිසලාබාද් ප්‍රදේශයේ නායක පූජකවරයෙකු වන මව්ලානා සුහයිබ් රූනි නම් 69 හැවිරිදි පූජකවරයා COVID-19 වෛරසය ආසාදනයෙන් පසුගිය සෙනසුරාදා ෆයිසලාබාද් නුවරදී මිය ගොස් ඇත.
පකිස්තාන බලධාරීන් පවසන්නේ පූජකවරයා පසුගිය මාසයේදී ලාහෝරයේ රායිවින්ඩ් ප්‍රදේශයේ ඇති තබ්ලිග් ජමාත් පල්ලියේ පැවැත්වූ ආගමික වැඩසටහන් වලටද සහභාගි වී ඇති බවයි. ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකුද වෛරසය ආසාදනයට ලක් වී ඇති අතර ඔවුන් අතර ඔහුගේ මුනුබුරු මිනිබිරියන් දෙදෙනෙකුද වන බව පැවසේ.
මේ දක්වා පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තය ආශ්‍රිතව තබ්ලිග් ජමාත් සාමාජිකයන් 1100 දෙනෙකු COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගෙන ඇති අතර පකිස්තානයේ පමණක් නොව ඉන්දියාව,මැලේසියාව ,බෲනායි රාජ්‍යයද කොරෝනා වෛරස වාහකයන් ලෙස මෙම තබ්ලිග් ජමාත් සාමාජිකයන් හඳුනාගෙන ඇත.
බංගලාදේශයද තබ්ලිග් ජමාත්වරුන්ගේ ආගමික මධ්‍යස්තානයක් COVID-19 වෛරස් නිරෝධායන මධ්‍යස්තානයක් බවට පත් කර ඇඳිරි නීතිය පැනවූ කාල සීමාවේ එම මධ්‍යස්තානයට එක් වූ 191 දෙනෙකු නිරෝධායනයට ලක් කළ බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmai.com
මූලාශ්‍ර – nenow.in
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...