කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
කොරෝනා මැඬලීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ඉන්දීය හමුදා කණ්ඩායම් ලබාදීමට යන බව ‘ද හින්දු’ පුවත්පත කළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා හමුදාවට හා පොලිසියට කොරෝනා වෛරසය ඵලදායී ලෙස හැසිරවිය හැකි බවත්, ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යෙදවීම ගැන දෙරට අතර කිසිදු සංවාදයක් සිදුනොවූ බවද හෙතෙම සඳහන් කරයි.
ශ්‍රී ලංකා හමුදාව මේ වනවිටත් වෛරස තර්ජනය සටනේ එය පාලනයට කටයුතු කිරීමේදී ඔවුන්ගේ වෘත්තීය භාවය පෙන්නුම් කරමින් ඔවුන්ගේ හැකියාවන් ඔප්පු කර ඇති බවත්, එය අනෙකුත් රටවලට ආදර්ශයක් බවත් හෙතෙම අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...