විදේශ පුවත්

කොවිඩ්-19 වඩාත් දරුණු ආකාරයට දෙවැනි වටයකින් ඇමරිකාවට බලපෑම් කරනු ඇතැයි එහි රෝග පාලන සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොබර්ට් රෙඩ්ෆීල්ඩ් ඊයේ (22 වැනිදා) ප්‍රකාශ කර සිටියේය. ඇමරිකාවේ පළවන වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ඊළඟ සීත ඝෘතුවේ දී ඇමරිකාවට වඩාත් බියකරු කාලයකට මුහුණ දෙන්න වේවි. එය නිසැකවම අපි මුහුණ දුන් අත්දැකීමට වඩා අමාරු කාලයක් වේවි යැයි අධ්‍යක්ෂවරයා කියා සිටියේය. ඉදිරියේ දී ඇමරිකාවේ ඝෘතු වෙනස් වීමත් සමඟ උණ වසංගතයක් පැතිරී යෑමට නියමිතය.

ඒ සමඟම කොවිඩ්-19 වසංගතය පැතිරී ගියහොත් එය ඇමරිකානු සෞඛ්‍ය අංශයට කිසිසේත්ම දරා ගැනීමට නොහැකි වනු ඇතැයි අධ්‍යක්ෂවරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More