දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට එරෙහිව නඩු පැවැරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු සංවිධාන කිහිපයක් පියවර ගෙන තිබේ. ඊයේ (16) ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය විසින් පවත්වනු ලැබූ මාධ්‍යහමුවකට එක්වෙමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මේ බව කියා සිටියහ.

එම නඩුව ලබන සඳුදා (19දා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත භාර දෙන බව එහි ශ්‍රී ලංකා නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පැවැසීය. ආචාර්ය ගුණදාස අමරසේකර සහ ආචාර්ය සරත් වීරසේකර මහත්වරු එහි පෙත්සම්කරුවෝය.

බි‍්‍රතාන්‍ය රජ්‍යයේ නීතිඥ ශ්‍රී මත් ජෙෆ්රි නයිස් ඇතුළු දෙස්-විදෙස් නීති විශාරදයන් එම නඩුව කෙටුම්පත් කිරීම සඳහා නීති උපදෙස් දී ඇත.

මානව හිමිකම් සමුළුවේ 30-1 ඕ.අයි.එස්.එල්. යෝජනා ඉදිරිපත් කළ ආකාරය වැරැදි බවත් එමඟින් ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය උල්ලංඝනය වී ඇති බවටත් මෙම පෙත්සම මගින් චෝදනා නඟා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More