Notice Board

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද(22) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර තවත් 07 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්ය.

මීට අමතරව පොළොන්නරුව ප්‍රදේශයෙන් ආසාදිතයෙකු සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටින ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද මෙම ආසාදිතයින් අතර වෙයි.

මේ වන විට ආසාදිතයින් 218 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 105ක් වන අතර මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 7ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More