COVID-19 වෛරසය මර්ධනය සම්බන්ධයෙන් ලෝක අත්දැකීම් සලකා බැලුවහොත් ලෝකයේ ධනවත් යැයි පිළිගත් රටවල් දුප්පත් යැයි පිළිගත් රටවලට වඩා දුර්වල මට්ටමකින් ක්‍රියා කර ඇති බව හැඟී යන්නේ යැයි ප්‍රංශයේ කීර්තිමත් වෛරසවේදියෙකු වන වෛරසවේදී ඩයිඩර් රවුල්ට් මහතා පවසයි. අන්තර්ජාලයට මුදාහැරී වීඩියෝ දර්ශන මගින් අදහස් දක්වමින් ” වෛරස ආසාදනය හේතුවෙන් වැඩිම මරණ ගනනක් සිදුවූ රටවල් අතර පෙරමුණේ සිටින්නේ ධනවත් යැයි සම්මත රටවල්.මෙයින් ගම්‍යය වන්නේ ධනය සහ මෙවැනි වසංගතයක් කළමණාකරණය කර ගැනීම අතර වන නොපෑහීමයි.” යනුවෙන් මාධ්‍යයට අදහස් දැක්වීය. රවුල්ට් මහතා පවසන පරිදි දුප්පත් රටවල් මෙම තත්වය කළමණාකරනය කර ගැනීම පිණිස අනුගමණය කරන ක්‍රමවේදයත් ධනවත් රටවල් ඒ සඳහා අනුගමණය කරන ක්‍රමවේදයත් අතර බරපතල වෙනසක් ඇත.ධනවත් සංවර්ධිත රටවල් වෛරස් වසංගතය මර්ධනය සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇත්තේ ඉතාම අඩු ප්‍රතිඵල වන අතර එම රටවල් නියුමෝනියා රෝගය සුව කිරීමට ලබාදෙන ඖෂධ වර්ග ලබා දුන්නද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත්පත් කරගෙන නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...