ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නවතම පුරෝකතනයන්ට අනුව 2020 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට පසුගිය වසරට සාපේක්ෂව ගුවන් මගීන් බිලියන 1.2කින් අඩුවීමට නියමිත බව පැවසේ.
තවද ගුවන් මගීන්ගේ පහළ යාම 2020 වර්ෂයේ තුන්වෙනි කාර්තුව දක්වා ගුවන් මගීන් සම්බන්ධයෙන් කර තිබූ පුරෝකතනයන්ට සාපේක්ෂව තුනෙන් දෙකකින් පහත වැටීමක් බවද සංඛ්‍යා ලේඛන වලින් තහවුරු වේ.එම කාලය තුළ ප්‍රසිද්ධ ගුවන් සමාගම් වල ආදායම බිලියන 160 ත් බිලියන 253 අතර ප්‍රමානයකින් පහත වැටීමට නියමිත බවද පැවසේ.
තවද ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධා
නයේ පුරෝකතනයන්ට අනුව යුරෝපය,ආසිය පැසිෆික් කලාපය සහ උතුරු අමෙරිකාව මෙලෙස ගුවන් මගීන් අඩුවන කලාප ලෙස හඳුනා ගෙන ඇත. මෙලෙසම යුරෝපයේ ග්‍රීෂ්ම සෘතුවේ වැඩිම මගීන් ප්‍රමාණයක් සිටිතැයි පුරෝකතනය කාල සිමාවේදී මගීන්ගේ දැවැන්ත අඩුවීමක් සිදුවීමට නියමිත බවද පැවසේ.
මෙම තත්වය ආසියා පැසිෆික් කලාපයටද බලපානු ඇති බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ පුරෝකතනයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...