ප‍්‍රධාන පුවත්

කියුබාවේ ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණය පිළිබඳ වූ මධ්‍යස්ථානය ( Cuba’s Center for Genetic Engineering and Biotechnology -CIGB)) COVID-19 වෛරසය මර්ධනය කිරීම වෙනුවෙන්ම නිපදවූ එන්නත මේ වන විට සායනික වශයෙන් පර්යේෂණ කරන අවධියේ තිබෙන බව එම මධ්‍යස්ථානය පවසයි. එන්නත නම් කර ඇත්තේ  CIGB 2020 Immunopotentiator ලෙසින් බව ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණය පිළිබඳ වූ කියුබානු මධ්‍යස්ථානය(CIGB ) ප්‍රකාශ කර සිටී.

විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේ මෙම ඖෂධය මගින්  කෙනෙකුගේ සිරුරට වෛරස් ආසාදක ඇතුලුවීම වලක්වන බවයි. නාසයෙන් හෝ දිව යට තබා ගැනීම මගින් මිනිස් සිරුරට ඖෂධය ඇතුල් කිරීම සිදු කරන අතර මෙතෙක් කරන ලද අත්හදා බැලීම් වලදී COVID-19 ආසාදිත වූවන් ගේ ආසාදනය දරුණු වර්ධනීය තත්වයන්ට ළඟා වීම සාර්ථකව වැලැකී ඇති බව ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණය පිළිබඳ වූ කියුබානු මධ්‍යස්ථානය(Cuba’s Center for Genetic Engineering and Biotechnology -CIGB) පවසා සිටී.

කියුබාවේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසා සිටින්නේ COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රස්තාරය මැයි මස මැද භාගය වන විට පහළට නවන්නට මෙම ඖෂධය මහෝපකාරී වන බව විශ්වාස කරන බවයි.”CIGB 2020 Immunopotentiator එන්නත දැන් සායනික පර්යේෂණ අවධියේ සාර්ථකව අත්හදා බලමින් තිබෙනවා.එන්නත වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රතිශක්ති කරණ මට්ටම ඉහළ නංවමින් තිබෙනවා.”යනුවෙන් කියුබාවේ ෆින්ලේ එන්නත් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් විසෙන්තේ වෙරෙස් බෙන් මහතා කියුබානු මාධ්‍යය වෙත ප්‍රකාශ කර සිටියේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර  www.telesurenglish.net/news


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More