කොරෝනා වෛරස වසංගතයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීම සඳහා චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අතිරේක ඩොලර් මිලියන 30ක් පරිත්‍යාග කරන බව චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනින් ඊයේ (23දා) නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
“කොවිඩ්-19 ට එරෙහි ගෝලීය අරගලයට සහාය දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට අතිරේක ඩොලර් මිලියන 30 ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහායි” යනුවෙන් එහි දැක්වෙයි. චීනය මීට පෙර මාර්තු 11දා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඩොලර් මිලියන 20 ක් පරිත්‍යාග කළ බව ඇය පැවසුවාය.
පසුගිය සතියේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම නවත්වන බව පවසමින් කියා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යභාරය තුළ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනයේ දැඩි කළමනාකරණ දුර්වලතා සහ වෛරසය පැතිරීම වසන් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...