ව්‍යාපාරික පුවත්

කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා සඳහා වන සාර්ක් කලාපීය එකඟතාව මත ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ලංකාවට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධනය මහතා මෙසේ කියා සිටියේය.

“ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක කෙටිකාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා වෙන ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා.“

“රුපියල් 200ට වඩා අඩු මට්ටමෙන් විනිමය අනුපාතය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් ඉතාම විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවලා තියෙනවා. ඒ අනුව තමයි මේ සඳහා  ඇමරිකානු ඩොලර් මිලියන 400ක් රට ඇතුළට ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නේ.“

“ඒ තුළින් මුදලේ අගය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා වෙන කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා වන සාර්ක් කලාපීය එකඟතාවය යටතේ ඒ මූල්‍ය සම්පත් ලබා ගැනීම සඳහා අවසරය ලබා දී තිබෙනවා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More