පුරවැසි කොලම

අපගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (ආ) යටතේ ජනාධිපතිවරයාට ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්‍තුව විසුරුවා හරින්න පුළුවන්. ඒ ප්‍රකාශයේ අනිවාර්‍යෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වෙන දිනය සහා අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය සඳහන් කරන්න ඕනේ. එම දිනය එම ප්‍රකාශනයේ දින සිට මාස තුනක් නොඉක්මවු දිනයක් විය යුතුය.

1981 අංක 01 පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 10(1) අනුව විසුරුවා හැරිමේ ප්‍රකාශයට මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය හා කාලය හා මැතිවරණ දිනය ජනාධිපතිවරයා සඳහන් කරන්නම ඕනේ.

පාර්ලීමේන්තුව විසුරවලා නාම යෝජනා කැඳවන්නේ නැතුව මැතිවරණ දිනය සඳහන් නොකර ඉන්න ජනාධිපතිට කිසිදු බලයක් නෑ.

70(5) (ඇ) ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඉහත අභිනව පාර්ලීමේන්තුව කැඳවීමේ දිනය වෙනස් කරන්න පුළුවන්. නමුත් ඒ දිනය මුල් ප්‍රකාශයේ සිට මාස තුනක් ඉක්මවු දිනයක් වෙන්න බෑ.

70(5) (ඇ) අනුව ජනාධිපතිවරයාට අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනය වෙනස් කරන්න බලය තිබුණාට මැතිවරණය පැවත්වෙන දිනය වෙනස් කරන්න කිසිදු බලයක් නෑ.

පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) යටතේ මැතිවරණය පැවත්වෙන දිනය වෙනස් කිරිමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසමට පමණයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ මුල් ප්‍රකාශනය මගින් නාමයෝජනා කාලය, මැතිවරණය පැවත්වෙන දිනය සහ අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය නියම කිරිම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත අයිතියක් සහ වගකීමක් වන අතර ඉන් පසු අවස්ථාවකදි මැතිවරණ දිනය වෙනස් කිරිමට බලයක් ඔහුට නැත. එය කළ යුත්තේ කොමිසම විසිනි.

ඒ අනුව 24(3) යටතේ හදිසි සහ අපදා තත්වය නැවත ඇති වුවහොත් හෝ අඛන්ඩව පැවතුනහොත් නැවත මැතිවරණය කල් දැමිමේ බලය කොමිසමට ඇත. මැතිවරණය ජුනි 20 නොතිබෙන්නත් නැත්නම් කොළඹ ,කළුතර හා යාපනය වැනි දැඩි අවදානම් දිස්ත්‍රික්කවල පසු දිනයකත් අනෙක් දිස්ත්‍රික්කවල 20 දා තියන්නත් කොමිසමට පුළුවන්.

70(5)(ආ) සහා (ඇ) හි මාස තුනක කාලය අදාල වන්නේ මැතිවරණයකින් පසුව කැඳවන අභිනව පාර්ලිමේන්තුවකට පමණයි. මැතිවරණ කොමසාරිස්වරයා 24(3) යටතේ මැතිවරණය කල් දාන්නේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ මුල් ප්‍රකාශනයේ සිට මාස තුනක් ඉකුත් වු දිනයක් නම් , මාස තුනක් ඇතුලත දිනයක අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට ප්‍රායෝගිකව ජනාධිපතිවරයාට හැකියාවක් නැත. ජනාධිපතිවරයා විසින් කළ අපගේ නීතියේ පිළිගැනෙන lex non cogit ad impossibilia පුද්ගලයකුට ප්‍රායෝගිකව කළ නොහැකි දේ කිරිමට නීතිය බලනොකරයි යන සිද්ධාන්තය පිළිබඳව සඳහන් කලේ එහෙයිනි.

ව්‍යවස්ථාවේ 150(3) යටතේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පෙර විසර්ජන පණත (අය වැය සම්මත කර නැත්නම්) රජයේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා එකාබද්ධ අරමුදලෙන් මුදල් ගැනීමට ජනාධිපතිට බලය තිබෙනවා. කවදා හෝ දවසක අභිනව පාර්ලිමේන්තුව රෑස්වීමෙන් අනතුරුවත් තවත් මාස තුනක් දක්වා එම බලය ජනාධිපතිට තිබෙනවා.

70(7) අනුව ජනාධිපතිට අවශ්‍ය නම් විසුරුවා හැරිමේ බලය ජනාධිපතිට තියෙනවා. ඒත් එය ඔහුගෙ අභිමතය. ව්‍යවස්ථාවේ 4(2) අනුව ඒ අභිමතය ඔහුගේ විධායක බලයේ කොටසක්. ඒ නිසා පරණ පාර්ලිමේන්තුව කොහෙත්ම කැඳවන්නේ නෑ කීම ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථානූකූල අභිමතයක්.

අනෙක් අතට 70(2) කියන්නේ පාර්ලිමේන්තුව සෑම වසරකටම වරක්වත් කැඳවිය යුතුයි කියලා. හැමදාම රැස්වෙන්න තරම් ලොකු වැදගත් කමක් ජේ.ආර්. ජයවර්ධනගේ 5/6 ක් ගත්ත යුඇන්පි රජය මේ ව්‍යවස්ථාවෙන් පාර්ලීමේන්තුවට ලබා දී නැහැ.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
විධායක සභාව- ගෝලීය ශ්‍රි ලංකා සංසදය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More