විදේශ පුවත්

කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන සමහර රෝගීන්ගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන බව අධ්‍යනයකින් සොයාගෙන ඇත. හිමොග්ලොබින් යනු රුධිර ප්‍රෝටීනයක් වන අතර, රුධිරය මගින් සිරුර පුරා ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට මෙම ප්‍රෝටීනය අවශ්‍ය වේ.

ඒ අනුව හිමොග්ලොබින් අඩු රෝගීන් හට යාන්ත්‍රික වාතාශ්‍රය ලබාදීමේ උපකරණ වලින් (ventilators) ප්‍රයෝජනයක් නොලැබෙන බව විශේෂඥයන් සඳහන් කරයි. රෝගියෙකුගේ හිමොග්ලොබින් මට්ටම පහත වැටීම, ඔහුගේ රෝගයේ අසාධ්‍ය බව පෙන්වන දර්ශකයක් බවත්, එම නිසා සෑම රෝගියෙක්ගේම රුධිරයේ හිමොග්ලොබින් මට්ටම මැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

රුධිර පාරවිලයනයක් ආධාරයෙන්, මෙම අසාධ්‍ය තත්වයේ සිටින රෝගීන්ගේ ජීවිත බේරා ගත හැකි ද යන්න සොයා බැලීම සඳහා ඉක්මන් පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව එම විද්‍යාඥයන් කරුණු පැහැදිලි කර ඇත.

එලෙසම කොරෝනා වෛරසය මිනිස් සිරුරට සිදු කරන බලපෑම හේතුවෙන් රෝගීන්  තුළ රුධිර ඝනත්වය වැඩිවීම් හා රුධිර කැටි ගැසීම් ඇතිවිය හැකි බව Medical Xpress නවතම වාර්තාවේ දැක්වෙයි.

මෙම තත්ත්වයන් රෝගීන්ගේ ස්වසන පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස බලපායි. ස්වසන අපහසුතා ඇති සමහර රෝගීන් හට ඔක්සිජන් ලබා දීමෙන් පසුවද ඔවුන් යථා තත්ත්වයට පත් නොවන්නේ, මෙම රුධිර කැටිගැසීමේ ක්‍රියාවලිය හේතුවෙන් බව New York හි  Beth Israel වෛද්‍ය සංකීර්ණයේ විශේෂඥ Hooman Poor සඳහන් කර ඇත.

එක්සත් ජනපදයේ ඇලබාමා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය Jeanne Marrazzo පවතින පරිදි, කොරෝනා රෝග ලක්ෂණ වලින් එකක් වන ආඝ්‍රාන සංවේදනය අඩු වීමට හේතුව වන්නේ ද මෙම රුධිර කැටිගැසීමේ සංකූලතාවයයි.

රුධිර කැටි ගැසීමට හේතු වන ප්ලාස්මින් නම් එන්සයිමය ඉහළ මට්ටමක පවතින පුද්ගලයන්හට කොරෝනා වෛරසයෙන් සිදුකරන බලපෑම වැඩිවේ. වයිරස් අංශූ මිනිස් සෛල තුළට ඇතුල්වීමට මෙම ප්ලාස්මින් උදව් වන බව එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Hong Long Ji විශ්වාස කරයි.

සාමාන්‍ය වයිරස හා රුධිර කැටි ගැසීම අතර පැහැදිලි සම්බන්ධතාවයක් පැවතුනද, කොරෝනා වෛරසය හා රුධිර කැටි ඇතිවීම අතර සම්බන්ධතාවය සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ පවත්වන බව විද්‍යාඥයන් පවසා සිටී.

මූලාශ්‍ර
news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More