Notice Board

තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඊයෙ(24) රාත්‍රී 11.52 වන විට වාර්තා වු මෙම ආසාදිතයන් තිදෙනෙනා සමඟ ඊයේ දිනයට ආසාදිතයින් 52 දෙනෙකු වාර්තා වන අතර ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 420 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර මෙරටින් එක් දිනක් තුළ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේ වාර්තා විම විශේෂත්වයකි.

ඉන් ආසාදිතයින් 11 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටි බණ්ඩාරනායක මාවතේ පිරිසක් වෙයි.

ආසාදිතයින් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයින් වන අතර 05 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනමින් සිටි පුද්ගලයින් 109 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More