කොළඹ නගරයේ ස්‌ථාන කීපයක කුණු සතියක සිට කුණු කොළඹ නගර සභාව විසින් රැගෙන ගොස් නැතැයි ජනතාව චෝදනා කරති.
මේ ප්‍රශ්නය නිසා කොළඹට පැමිණෙන ජනතාවද දැඩි අපහසුතාවට පත් වෙති.
දෙමටගොඩ, මාලිගාවත්ත, පංචිකාවත්ත, මරදාන, කොම්පඤ්ඤවීදිය, කොළඹ යන ප්‍රදේශවල කුණු රැගෙන ගොස් නැත. මේ හේතුවෙන් විවිධ රෝග පැතිර යැමේ අවදානමක් පවතින බවත් ජනතාව පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාව දැනුවත් කර ඇතත් එම බලධාරීන් ඒ ගැන සැලකිල්ලක් නොදක්‌වන බවද ජනතාව චෝදනා කර සිටිති.
මේ ගැන අදහස් දැක්‌වූ කොළඹ එන්. ඡේ. ප්‍රේමරත්න මහතා මෙසේද කීය.
“දැන් සතියක ඉඳලා කොළඹ කුණු අරන් යන්නේ නැහැ. ගඳේ බැහැ. කුණු බෑග්වල පණුවෝ ගහලා. කුණු අරන් යන්නේ නැති එකෙන් මැස්‌සොත් වැඩියි. ඡන්දෙ කාලයට නම් දේශපාලනඥයෝ අපි හොයාගෙන එනවා. නමුත් දැන් එක දේශපාලනඥයෙක් නැහැ.”
අපි මේ ගැටලුව ගැන පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාගෙන් විමසා සිටියෙමු.
“ජනතාව කියන කතාව ඇත්ත. යම් යම් තැන්වල කුණු එකතු වෙලා තියෙනවා. මම මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාව සමඟ සාකච්ඡා කළා. පොලිසිය සමඟත් සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් අපි භෞතික ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේකට වගකියන්න ඕන ප්‍රදේශයේ ජනතාව. කසළ වර්ගීකරණය කරන්නේ නැතිව පාරට ගෙනත් දාන්නේ ඒ අය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...