විදේශ පුවත්

එලෙසම ආර්ද්‍රතාවය,විරංජන කාරක ද්‍රව්‍යය සහ ඇල්කොහොල් සමස්ථානික ආදියද COVID-19 වෛරසය ඉක්මනින් මර්ධනය කළ හැකි මාධ්‍යය බවට සොයා ගෙන ඇති බවද මාධ්‍යය හමුවේදි එලිදරව් කෙරුණි. ධවල මන්දිර COVID-19 වෛරසය පිළිබඳ ලුහුඬු සමාලෝචන සැසිවාරයේදී අමෙරිකානු ස්වදේශ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ විද්‍යා හා තක්ෂණ ප්‍රධානී විලියම් බ්‍රයන් මහතා විසින් මාධ්‍යට ඉදිරිපත් කර තිබූ මූලික වාර්තාවට අනුව වෛරසය ඉතා වේගයෙන් විනාශ වීමට බලපාන සාධක අතර පරිසර උෂ්නත්වය ෆැරන්හයිඩ් අංශක 75( සෙල්සියස් අංශක 24 ) සහ වාතයේ ආර්ද්‍රතාවය 80% වැනි තත්වයන් නිරීක්ෂණය කළ බව පැවසුවේය.

ඒ අනුව ග්‍රීෂ්ම හිරුට නිරාවරනය වූ පරිසර උෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 21-24 අතර වූ සහ වාතයේ ආර්ද්‍රතාවය 80%ක මට්ටමේ වන විට වෛරසයේ ආයු කාලය විනාඩි දෙකකට සීමා වන බව වාර්තාව පෙන්වා දේ. මේ තත්වය එරෝසොල් භාවිත කළහොත් වෛරසයේ ආයු කාලය මිනිත්තු 1.5කට වඩා අඩුවන බව වාර්තාව පවසයි.ශ්‍රී ලංකාවට මෙය ඉතා හොඳින් ප්‍රයෝජනයට ගත හැකි වාර්තාවක් යැයි පවසන විද්වතුන් පවසා සිටින්නේ අද(25) උදේ වරුවේ ශ්‍රී ලංකාවේ කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 ක් සහ වාතයේ ආර්ද්‍රතාවය 86%ක් වී ඇති බවයි.

කෙසේ වුවද COVID-19 මර්ධනය කටයුතු හිරු එලියට සහ වාතයේ ආර්ද්‍රතාවයට පමණක් භාර දී බලා සිටිය නොහැකි බව අවධාරණය කිරීමට ස්වදේශ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශ විද්‍යා හා තක්ෂණ ප්‍රධානී විලියම් බ්‍රයන් මහතා මාධ්‍යය සාකච්ඡාවේදී වග බලා ගත්තේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – sputniknews.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More